IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


තලාව ප්‍රා. සභා සභාපතිට එරෙහිව මහාධිකරණයෙන් නියෝගයක්

( උපාලි ආනන්ද)

ඉස්ලාම් භක්තිකයන්ගේ මල සිරුරු භූමදානයට නිත්‍යානුකූලව වෙන් කර ඇති පොදු සුසාන භූමියක රථ ගාලක් ඉදිකිරීමට තලාව ප්‍රාදේශීය සභාව ගෙන ඇති තීරණය බල රහිත කරන ලෙස ඉල්ලා මහාධිකරණයට ඉදිරිපත් කළ පෙත්සමක් සලකා බැලූ උතුරු මැද පළාත් බද මහාධිකරණ විනිසුරු මනෝජ් තල්ගොඩපිටිය මහතා පෙත්සම විභාගය අවසන් කර තීන්දුවක් ලබා දෙන තුරු ප්‍රශ්න ගත සුසාන භූමියෙහි කිසිදු ඉදිකිරීමක් සිදු නොකරන ලෙසට නියෝග කළේය.  

එමෙන්ම මෙම සුසාන භූමිය ඉස්ලාම් භක්තිකයන්ගේ මල සිරුරු භූමදානය කිරීමට හැර වෙනත් කිසිදු කටයුත්තකට යොදා නොගන්නා ලෙසටද වගඋත්තරකාර ප්‍රාදේශීය සභා සභාපතිවරයාට තවදුරටත් නියෝග කළ මහාධිකරණ විනිසුරුවරයා අදාල සුසාන භූමිය තුළ මල සිරුරු භූමදානය කිරීමට බාධා නොකරන ලෙසටද නියෝග කළේය.

මෙම අධිකරණ නියෝග කඩ කළ හොත් අධිකරණයට අපහාස කළා සේ සලකා නීතිමය පියවර ගන්නා බවටද මහාධිකරණ විනිසුරුවරයා වගඋත්තරකාර ප්‍රාදේශීය සභා සභාපතිවරයාට තවදුරටත් දැන්වීය

එප්පාවල තලාව පාර පොලිසිය හංදිය පදිංචි ජෙයිනූල් ආබ්දීන් එප්පාවල 16 කනුව පදිංචි මොහොමඩ් හෆීල් එප්පාවල ඇඳගල පදිංචිකරුවන් වන මොහොමඩ් කන්නු ෆාරුක් සහ මොහොමඩ් සතාර් සහ මහඉලුප්පල්ලම ගල්මඩුව පදිංචිකරුවන් වන මුම්මු ජසිතා සහ සින්නි ෆාරීදා යන මහත්ම මහත්මීන් නීතිඥ බුද්ධික ලෙව්කෝ බංඩාර මහතා මගින් අනුරාධපුර මහාධිකරණයට ඉදිරිපත් කල පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව මෙම නියෝග කළේය.

 



අදහස් (2)

තලාව ප්‍රා. සභා සභාපතිට එරෙහිව මහාධිකරණයෙන් නියෝගයක්

Sunil Tuesday, 05 October 2021 11:35 AM

මේ සභාපතිලා හිතන්නේ ඒ අය නීතියටත් ඉහලින් ඉන්නේ කියලා.

:       0       1

විජේ Tuesday, 05 October 2021 12:02 PM

භූමදාන එපා. ඉන්න මිනිස්සුන්ටත් ඉන්න ඉඩ නැ.

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 6 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 807 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 592 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site