IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


තලවකැලේ ලිදුල නගර සභාවේ සභාපතිගේ ධුරය අත්හිටුවයි

(රංජිත් රාජපක්ෂ) 


තලවකැලේ ලිදුල නගර සභාවේ වත්මන් සභාපති අසෝක සේපාල මහතාගේ ධුරය මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යු ගමගේ මහතා විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි අද (28) දින සිට තාවකාලිකව අත්හිටුවා තිබේ.
 
සභාපතිවරයා සිදු කළේ යැයි කියන දුෂණ වංචා 8 ක් සම්බන්ධයෙන් පරික්ෂණයක් පැවැත්විම සදහා විශේෂ කොමිසමක් පත්කර ඇති අතර එම පරීක්ෂණය අවසන් වන තෙක් සභාපතිවරයාගේ ධුරය තාවකාලිකව අත්හිටවා ඇත.
 
මේ සම්බන්ධයෙන් තලවකැලේ ලිදුල නගර සභාවේ සභාපති අසෝක සේපාල මහතා කියා සිටියේ තම නගර සභාවේ නාගරික මන්ත්‍රිවරයෙකු විසින් 2019 වසරේ මැයි මාසයේ චෝදනා 8 ක් සම්බන්ධයෙන් මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයාට සහ පළාත් පාලන ආයතන කොමසාරිස්වරයාට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබු බවයි. එම පැමිණිල්ලට පරීක්ෂණයක් පැවැත්වු බවත් , එම පරීක්ෂණ වාර්තාව ඉදිරිපත් නොකර එම චෝදනාවලටම  යලිත් පරීක්ෂණයක් පැවැත්වීම සදහා කොමිසමක් පත් කර තමන්ගෙන් ධුරය තාවකාලිකව අත්හිටවා ඇති බවත්ය.
 
තම ධුරය අත්හිටුවීම හුදෙක් දේශපාලන පළිගැනීමක් බවත්, තමන් ඕනැම පරීක්ෂණයකට මුහුණ දිමට ඉදිරිපත් වන බවත් අශෝක සේපාල මහතා කියා සිටියේය.
 
නීති විරෝධී ලෙස සේවකයින් සේවයට බදවා ගැනීම, විධිමත් ටෙන්ඩර් පටිපාටියක් ක්‍රියාත්මක නොකර නගර සභාව සතු ඉඩම් සහ ගොඩනැගිලි තාවකාලිකව බදු දීම, නිවැරදි පටිපාටියකින් තොරව ටෙන්ඩර් කැදවීම, නගර සභා සිමාව තුල ඉදි කර ඇති අනවසර ඉදි කිරීම් නතර කිරීමට පියවර නොගැනීම, නීති විරෝධී ලෙස නගර සභාවට ලේකම්වරයෙකු පත් කර ගැනීම යන චෝදනා ඇතුළු කරුණු 8 ක් සහිත චෝදනා පත්‍රයක් තමන් වෙත ඉදිරිපත් කර ඇති බව අසෝක සේපාල මහතා කියා සිටියේය.
 
එක්සත් ජනතා නිදහස් සංගමයේ මහ ලේකම්වරයා වශයෙන් කටයුතු කරනු ලබන්නේද අසෝක සේපාල මහතා වන අතර ඒ මහතා 2011 වසරේ සිට තලවකැලේ ලිදුල නගර සභාවේ සභාපතිවරයා ලෙස කටයුතු කරනු ලබයි.



අදහස් (1)

තලවකැලේ ලිදුල නගර සභාවේ සභාපතිගේ ධුරය අත්හිටුවයි

Bamunuarachchi Thursday, 29 October 2020 08:16 AM

කොහොමත් අපිට පළාත් සබා ඕනේ නැහැ මේ ගොඩනැගිල්ල නිරෝධාන ස්ථානයක් කරන්න. එකෙන් වෙන සේවය බොහොම වටිනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 85 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 734 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 356 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site