IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


තලේබාන් සංවිධානයේ ප්‍රබලයෙකු ගුවන් ප්‍රහාරයකින් මරුට

තලේබාන් සංවිධානයේ ජ්‍යෙෂ්ඨ  අණදෙන නිලධාරියෙක් වන මුල්ලා අබ්දුල් මනන් අකුන්ද්  ඇමරිකානු හමුදාවේ  ගුවන් ප්‍රහාරයකින් මියගොස් ඇත. 
 
මෙම හමුදා ප්‍රධානියා ඇෆ්ගනිස්ථානයේ  දකුණු හෙල්මන් ප්‍රාන්තයේ නව්සාද් දිස්ත්‍රික්කයේ දී මෙසේ ඝාතනයට ලක්වී ඇත. 
 
ඔහුගේ මරණය තම සංවිධානයට විශාල පාඩුවක් බවත් නමුත් ඔවුන්ගේ ප්‍රයත්නයට එය බාධාවක් කරනොගන්නා බවත්, ඇෆ්ගනිස්ථානය නැවතත් තමන්ගේ  පාලනයට නතුකරගන්නා බවත් තලේබාන් සංවිධානය පැවසූහ.   
 
අණදෙන නිලධාරියාගේ මරණය  තලේබාන් සංවිධානයේ  ධෛර්ය පහත හෙළීමට හේතුවන බව ඇෆ්ගන් අභ්‍යන්තර කටයුතු අමාත්‍යංශයේ ප්‍රකාශක නජිබ් දනිෂ්  පවසුවේය.  
 
හෙල්මන් ප්‍රාන්තයේ අවුරුදු 8ක් සිටි බ්‍රිතාන්‍ය හමුදාව 2014 වර්ෂයේදී ඉන් ඉවත්කර ඇති අතර දැන් පළාතේ විශාල කොටසක්  තලේබාන් පාලනය යටතේ පවතී.
 
ඇස්තමේන්තු කර ඇති ආකාරය අනුව  මිලියන 15ක් පමණ  පිරිස් එනම් ජන ගහනයෙන් හරි අඩක්ම මෙම ප්‍රෙද්ශවල ජීවත් වෙති. තලේබාන්  සටන්කරුවන් ප්‍රසිද්ධියේ පෙනී සිටිමින් එම ප්‍ර දේශවලට නිරන්තරයෙන්  ප්‍රහාර එල්ල කරති.
 
කෙසේ නමුත්,  ආරම්භකර සටන් අවසන් කිරීමේ අරමුණින් තලේබාන්වරු සමඟ සාම  සාකච්ඡා පැවැත්වීමට ගිය මාසයේ රුසියාවට නියෝජිතයන් පිටත්කර හැරියත්  ඇෆ්ගන් රජය සමඟ සෘජු සාකච්ඡා පැවැත්වීම සටන්කාමීහු ප්‍රතික්ෂේප කර ඇත.
 
බීබීසී ඇසුරෙනි
(63226)   



අදහස් (0)

තලේබාන් සංවිධානයේ ප්‍රබලයෙකු ගුවන් ප්‍රහාරයකින් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 498 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 260 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1055 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site