





(පද්මා කුමාරී කංකානම්ගේ )
දකුණේ කප් රුක පොල් ගස නම් උතුරේ කප් රුක තල් ගස යයි හඳුන්වනු ලැබේ. මේ හේතුවෙන් ආහාර හා කෘෂිකර්ම ආඥා පනතින් රට දෙල් ගසට, බත් ගස හෙවත් කොස් ගසට ලබාදී ඇති ආරක්ෂාවම තල් ගසට ද ලබාදී තිබේ. ඒ සා වටිනාකමක් ඇති ඡායා හෙවත් ගැහැණු තල් ගස් ද ඇතුළු තල් ගස් 50ක් මිය යෑමට සැලස්වීම සම්බන්ධ සිදුවීමක් කල්පිටිය ප්‍රදේශයෙන් වාර්ථා වේ.
කල්පිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිට පෞද්ගලික ඉඩමක ඇති තල් ගස් 50 කට ආසන්න සංඛ්‍යාවක් භූමිතෙල් වත් කොට මිය යාමට සලස්වා ඇතැයි ප්‍රදේශවාසීහු චෝදනා කරති.
තල් ගසක් කපා ඉවත් කිරීමට ඇති නීතිමය අපහසුතා හේතුවෙන් ඉඩම් හිමියා විසින් තල් ගසෙහි ගොබයට භූමිතෙල් වත් කර සෙමෙන් මිය යෑමට සලස්වා ඇතැයි ප්‍රදේශවාසීහු පවසති.
අනවශ්‍ය හෝ අවහිරදායක තල් ගසක් කපා ඉවත් කිරීමේ පිළිගත් ක්‍රමවේදය පිළිබඳව පුත්තලම අතිරේක දිසා ලේකම් සුනන්ද හේරත් මහතාගෙන් කළ විමසීමේදී ඒ මහතා පැවසුවේ ගැහැණු තල් ගස හෙවත් ඡායා තල් ගසට විශාල ආරක්ෂාවක් චක්‍රලේඛනයකින් ලබාදී ඇති බව ය.
"යම් අයෙකුට තල් ගසක් කපා ඉවත් කර ගැනීමට අවශ්‍ය නම් ඊට අදාළ අයදුම්පතක් ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයේ තිබෙනවා. එම අයදුම්පත සම්පූර්ණ කළවිට ග්‍රාම නිලධාරීයා විසින් ස්ථානීය පරීක්ෂණයක් පවත්වා වාර්ථාවක් ලබාදෙනවා. එය තල් සංවර්ධන ප්‍රාදේශීය කාර්යාලයට යොමු කර අනුමැතිය ලබා ගත් පසුව ප්‍රාදේශීය ලේකම්තුමාට ඉදිරිපත් කළ යුතුයි. ප්‍රාදේශීය ලේකම්තුමායි ගස කැපීමේ නිර්දේශය ලබාදෙන්නේ"
" ප්‍රාදේශීය ලේකම්තුමාට නිර්දේශ ලබා දිය හැක්කේ උපරිම ගැහැනු තල් ගස් දෙකකටයි. ගස් දෙකේ සිට පහ දක්වා නිර්දේශ ලබා දිය හැක්කේ දිස්ත්‍රික් ලේකම්වරයාට යි. සුරක්ෂිත කර ගතයුතු, ඉතා වටිනා ශාකයක් නිසා තමයි, ආහාර හා කෘෂිකර්ම ආඥා පනතේ විශේෂ රැකවරණයක් තල් ගසට ලබාදී ඇත්තේ"
මෙම තල් ගස් සංහාරය පිළිබඳව කල්පිටිය ප්‍රාදේශීය ලේකම් නන්දන සෝමතිලක මහතාගෙන් විමසූවිට ඒ මහතා පැවසුවේ මේ පිළිබඳව ජනතාව තමාව දැනුම්වත් කළ බවත් තල් සංවර්ධන මණ්ඩලය දැනුවත් කළ බවත්ය.
තල් සංවර්ධන මණ්ඩලයේ පුත්තලම දිස්ත්‍රික් කළමණාකාර අරුල් සීලන් මහතාගෙන් මේ පිළිබඳව විමසූවිට ඒ මහතා පැවසුවේ මේ පිළිබඳව තමා නොදන්නා බවත් තමන් ප්‍රාදේශීය ලේකම්වරයාට පැමිණිලි කළ යුතු බවත් ය.
COMMENTS
මේ තහනම ක්‍රෝටන් ගස් වලට නැද්ද?
අනේ මෙහෙමත් නීති. අපේ පැත්තේ තල් ගස් කපනවා ඕනෑතරම්... මොකද ප්‍රයෝජනයක් ගන්නේ නැත්නම් පෞද්ගලික ඉඩමක මොකටද තල්ගස්...? කොස් ගස් කපන්න තහනම් නිසා දැන් කොස් වවනවා අඩුයි. කරදරකාරී කොස්ගස් හිමින් ඉබේ වගේ මැරෙන්න අරිනවා. එවිට දැව ලෙස ගන්න කොටස අඩුවෙනවා. පෞද්ගලික ඉඩමක ඕන ගසක් කපන්න දෙන්නේ නැත්නම් වවන්නේද නැත.
තමුන්ගේ වත්තේ තියෙන ගහක් කපන්ට එක එකාගෙන් අවසර ගන්නේ මොනවටද? මේ වගේ මෝඩ නීති නිසා තමා අද මිනිස්සු ගස් වවන්නේ නැත්තේ.
මෙම නීති අදාළවිය යුත්තේ රජයේ ඉඩම්වල හා ස්වභාවික කැළෑ ඉඩම්වලටයි. පෞද්ගලික ඉඩම්වල ගස් කැපීමට ඇති නෛතික බාධා ඉවත් කිරීම කාලෝචිතය.
පෞරාණික වටින කමක් ඇති ගස් කපා දැමීම සාපරාදී ක්‍රියාවකි තමන්ගේ වත්ත කියා සිතනවා නම් මේ භූමිය රජයට පවරා ගැනීමට සුද්දගේ නීතිය බාවිතා කල හැක කොස් ගස පොල් ගස උනත් තමන්ගේ වත්තේ උනත් අවසර ගත යුතුය සෑම කෙනෙක්ම තමන්ගේ වත්තේ කියා සියලු ගස් කපා දැමුවොත් මේ රට කාන්තාරයක් වී සියලු දෙනාම මිය යන නිසාය නීති ගරුක වන්න අත්මර්ත්යෙන් මිදෙන්න තම ආගම අදහන්න
අර ඇමතියෙක් විල්පත්තුව වනාන්තරේම කපනවා, නීතිත් නැහැ, දිසාපතිලත් නැහැ, උප දිසාපතිලත් නැහැ, ග්‍රාමසේවකලත් නැහැ .
ගස් හෝ මහා පොලව මගේ අනුන්ගේ කියල බෙදන්න බෑ අල්ලපු ඉඩමේ ගස් ටික කපපුවහම අපේ ඉඩමේත් වතුර හිඳෙනවා. අල්ලපු ඉඩමේ ටොයිලට් වල අපේ ලිඳට බලපානවා. අපි හැමෝගෙම ඉඩම්වල තියන ගස් ටික අපි ආරක්ෂා කරගන්න ඕනේ. අනුර, ඩයස්, නිමල් වගේ අයගෙන් පරිසරය ආරක්ෂා කරගන්න ඒවාට නීති දන්න වෙනවා.