(සුජිත් හේවාජුලිගේ)
ත්‍රස්තවාදී ක්‍රියා සම්බන්ධයෙන් සිර දඬුවම් විඳින සහ රැඳවුම් නියෝග මත අත්අඩංගුවේ පසුවන පුද්ගලයන් සම්බන්ධයෙන් සොයා බැලීම, නිදහස් කිරීම සහ ඇප ලබාදීම ඇතුළු තීරණ සම්බන්ධයෙන් තමාට නිර්දේශ සහ උපදෙස් ලබා දීම සඳහා උපදේශක මණ්ඩලයක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත් කරනු ලැබ සිටී.
හිටපු අගවිනිසුරු අශෝක ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් යුතු මෙම උපදේශක මණ්ඩලයේ සෙසු සාමාජිකයන් ලෙස විශ්‍රාමලත් මහාධිකරණ විනිසුරු ඒ ඒ ආර් හෙයියන්තුඩුව සහ විශ්‍රාමලත් සොලිසිටර් ජනරාල් සුහද ගම්ලත් යන මහත්වරු පත් කරනු ලැබ සිටිති.
ජනාධිපතිවරයා මෙම උපදේශක මණ්ඩලය පත් කරනු ලැබ ඇත්තේ 1979 අංක 48දරන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ 13 වැනි වගන්තිය අනුවය.
ත්‍රස්තවාදී ක්‍රියා සම්බන්ධයෙන් සිරගතව සිටින පිරිස් වලට මෙවැනි උපදේශක මණ්ඩලයක් කාලයක් තිස්සේ පත්කරනු ලැබ නොතිබීම නිසා තමන්ගේ අයිතිවාසිකම් සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කිරීමට අවස්ථාවක් නොලැබුණු බව ජනාධිපති නීතිඥ අධ්‍යක්ෂ ජනරාල් නීතිඥ හරිගුප්ත රෝහණදීර මහතා පැවසීය.
මෙම උපදේශක මණ්ඩලය පත් කිරීමත් සමඟ එම සිරකරුවන්ට ඔවුන්ගේ ගැටලු ඉදිරිපත් කිරීමට අවස්ථාව හිමිවී ඇතැයි ද හෙතෙම සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ත්‍රස්තවාදීන් ටික එළියට දමයිද? එහෙම වුණොත් සාමාන්‍ය ජනතාවට දඬුවම් දෙන්න කියමු.
කවුරු මොනවා කීවත් ඔබේ තීරණ අතිවිශිෂ්ටයි සර් චිරාත් කාලයක් මේ රට පාලනය කිරීමට ඔබ ඇතුළු රාජපක්ෂ වරුන්ට හැකිවේවා
කරන්නාගොඩ, දුමින්ද සහ චොකා මල්ලි ඔය කොමිසමට දැම්මොත් නරකද නන්දසේන..?
දුමින්දට සහ චොකා මල්ලිට බන්ධනාගාරයේ අත්දැකීම් තිබෙන නිසා කොමිසමට ඔවුන් පත්කළා කියලා සර් කිව්වොත් පුදුම වෙන්න දෙයක් නෑ.
මානව හිමිකම චෝදනාව ෂේප් කරන්න පොඩ්ඩක් නම්‍ය ශිලිවෙලා. දරදඬු කමේ ආධීනව ඉගෙනගෙනද දන්නේ නැ.