IMG-LOGO

2025 ඔක්තෝබර් මස 15 වන බදාදා


‘‘ත්‍රස්තවාදී තර්ජනයට මුහුණදීමට ශක්තිමත් දේශීය නීති රාමුවක් අවශ්‍යයි‘‘

(අංජුල මහික වීරරත්න මාලදිවයිනේ සිට)

ලෝක ත්‍රස්තවාදී තර්ජනයට මුහුණ දීම සඳහා ජාත්‍යන්තර නීතියට අනුකූල වන ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම්වලට ගරු කරන ශක්තිමත් දේශීය ප්‍රතිත්‍රස්ත නීතිමය රාමුවක් සහ යාන්ත්‍රණයක් අවශ්‍ය බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සිව්වැනි ඉන්දීය සාගර සමුළුවේ ආරම්භක සැසියේ මුඛ්‍ය දේශනය පවත්වමින් මාලදිවයිනේ ඊයේ  (03)  පැවසීය.

අයි.එස්.අයි.එස්. ත්‍රස්තවාදය මැඩලීම සඳහා ශ්‍රී ලංකාව සහ මාලදිවයින අතර සමීප සහයෝගීතාවයක් ගොඩනගා ගැනීමේ තීරණයකට එළැඹි බව කී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එම සහයෝගීතාවයට ඉන්දීය සාගර කලාපයේ අනෙකුත් මිත්‍ර රටවල් ද එක් කර ගැනීම දෙරටේම බලාපොරොත්තුව බව සඳහන් කළේය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කළේ මාලදිවයිනේ "පැරඩයිස් අයිලන්ඩ්හි" ආරම්භ වූ සිව්වැනි ඉන්දීය සාගර සමුළුවේදී මුඛ්‍ය දේශනය පවත්වමිනි.

මෙවර ඉන්දීය සාගර සමුළුවේ සභාපතිත්වය හොබවනු ලැබූයේ ද ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසිනි.

මාලදිවයින් රජය සහ සිංගප්පූරුවේ පිහිටි ජාත්‍යන්තර අධ්‍යයන පිළිබඳ එස්. රාජරත්නම් විද්‍යාලයේ සහාය ඇතිව, ඉන්දීය පදනම් ආයතනය විසින් සංවිධානය කරන මෙම සමුළුව සැප්තැම්බර් 03 සහ 04 දෙදින පැවැත් වේ.

ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමුළුවේ මුඛ්‍ය දේශනය අරඹමින් ඉන්දීය හිටපු විදේශ කටයුතු ඇමැතිනී සුෂ්මා ස්වරාජ් මහත්මියගේ අභාවය පිළිබඳව සිය බලවත් ශෝකය පළකරනු ලැබීය.

අනතුරුව සමුළුව අමතමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් මෙසේද පැවසීය.

"අද වන විට අයි.එස්.අයි.එස්. සංවිධානයේ ත්‍රස්තවාදී ක්‍රියාකාරකම්වලින් ආරක්‍ෂා වීම ඉන්දියන් සාගර කලාපයේ රටවල් මුහුණදෙන ප්‍රමුඛ පෙළේ ප්‍රශ්නයක් බවට පත්ව තිබෙනවා. පාස්කු ඉරිදා ශ්‍රී ලංකාවේ සිදුවූ ත්‍රස්ත ප්‍රහාරය සහ මෑත කාලීනව අනෙකුත් රටවල සිදුවූ සෙසු ත්‍රස්ත ප්‍රහාරයන් පිළිබඳව සලකා බලන විට ප්‍රචණ්ඩ ත්‍රස්තවාදී කල්ලි විසින් එල්ල කරන තර්ජන පිළිබඳව අප නිරන්තර අවධානයෙන් පසුවිය යුතුයි.

ත්‍රස්තවාදීන් විසින් ආගමික අන්තවාදය සඳහා මුදල් යෙදවීම මෙන්ම, තරුණ පිරිස් රැඩිකල් අදහස්වලට නතුකර ගැනීම වත්මන් සමාජය මුහුණ දෙන බරපතල ප්‍රශ්නයක් බව කිව යුතුයි. 

පාස්කු ඉරිදා ශ්‍රී ලංකාවට එල්ල වූ බෝම්බ ප්‍රහාරය මගින් අයි.එස්.අයි.එස්. ත්‍රස්තවාදයේ උපායමාර්ගික වෙනස්කම් හඳුනාගත හැකියි. මේ වන විට එම සංවිධානය දකුණු ආසියාව සහ ඇතැම් බටහිර රටවල් දෙසට ඔවුන්ගේ අවධානය යොමු කර තිබෙන බව මෙම ප්‍රහාරයත් සමග තවදුරටත් සනාථ වෙනවා. 2016 වසරේ බංග්ලාදේශයේ, 2017 වසරේ දී ඊජිප්තුවේ සහ 2018 වසරේ දී ඉන්දුනීසියාවේ සිදුවූ බෝම්බ ප්‍රහාර මිට නිදසුන් ලෙස දැක්විය හැකියි. ඒ අනුව, ඔවුන් ත්‍රස්තවාදය ව්‍යාප්ත කිරීම සඳහා අනුගමනය කරන ක්‍රියාමාර්ග මොනවාදැයි පැහැදිලියි.

උදාහරණයක් ලෙස ඔවුනට ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදී ක්‍රියා සිදු කිරීමට අවශ්‍ය නම් ශ්‍රී ලාංකිකයන් පිරිසක් ඔවුන්ගේ කණ්ඩායමට බඳවා ගෙන ඔවුන් ලවා ත්‍රස්තවාදී ක්‍රියා සිදුකරවීම එක් උපක්‍රමයක් වී තිබෙනවා. පාස්කු ඉරිදා ශ්‍රී ලංකාවේ සිදුවූයේ ද එවැනි සිද්ධියක් බව පැහැදිලියි. මෙය "ෆ්‍රෙන්චයිස් මාදිලියේ" ත්‍රස්තවාදයක් ලෙස හැදින්විය හැකියි.

මෙහිදී සිදු වන්නේ ආගමික අන්තවාදී අදහස් ඇති පිරිස් විසින් අයි.එස්.අයි.එස්. සංවිධානය වෙත පක්ෂපාතීත්වය ප්‍රකාශ කරමින් ප්‍රහාර එල්ල කිරීමයි. මෙය ආසියානු කලාපයට පමණක් නොව, මුළුමහත් ලෝකයටම අලූත් අභියෝගයක් බව කිව යුතුයි.

මෙම තර්ජනයට මුහුණ දීම සඳහා ජාත්‍යන්තර නීතියට අනුකූල වන, ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම්වලට ගරු කරන ශක්තිමත් දේශීය ප්‍රතිත්‍රස්ත නීතිමය රාමුවක් සහ යාන්ත්‍රණයක් අවශ්‍ය බව ශ්‍රී ලංකාවේ විශ්වාසයයි. ඒ සමගම නූතන ත්‍රස්තවාදයේ පවතින නව ප්‍රවණතාවලට මුහුණදීම සඳහා ශක්තිමත් කලාපීය යාන්ත්‍රණයක් ද අවශ්‍ය වෙනවා.

මාලදිවයින් ජනාධිපති ඊබ්‍රහියම් මොහොමඩ් සෝලි මහතා සමග මා පැවැත්වූ සාකච්ඡාවලදී අයි.එස්.අයි.එස්. ත්‍රස්තවාදය මැඩලීමට අප දෙරට අතර සමීප සහයෝගීතාවයක් පවත්වා ගැනීම සඳහා අවශ්‍ය ව්‍යුහයන් ගොඩනගා ගැනීමට තීරණය කරනු ලැබුවා. එම සහයෝගීතාවයට ඉන්දීය සාගර කලාපයේ අනෙකුත් මිත්‍ර රටවල් ද එක් කර ගැනීම අප දෙරටේම බලාපොරොත්තුවයි."

ඡායාරූප:- ප්‍රදීප් පතිරණ

 

 

 

 

 



අදහස් (15)

‘‘ත්‍රස්තවාදී තර්ජනයට මුහුණදීමට ශක්තිමත් දේශීය නීති රාමුවක් අවශ්‍යයි‘‘

Mahee Wednesday, 04 September 2019 02:30 PM

සැඟවී සිට පහර දෙන ත්‍රස්තවාදීන්, ත්‍රස්තවාදීන් ලෙසටම හඳුනා ගැනීම පහසුයි. ඔවුන්ව අල්ලා ගන්නත් පුළුවන්... හැබැයි, එළියේ සිට උන්ව ආරක්ෂා කරන කට්ටිය හඳුනා ගැනීම නම් හරිම අමාරුයි. අපේ හමුදාවලට ඔවුන්ව අල්ලා ගන්නත් බැහැ කියලයි අපට හිතෙන්නේ...

:       0       77

RaveendraWednesday, 04 September 2019 05:34 PM

ඇත්තෙන්ම පලා පොළඟාව අඳුනා ගන්න අමාරුයි, ඒ සතා පරිසරයට හොදින් අනුවර්තනය වෙලා නිසා. ඒවගේම තමයි අපේ මේ ජාති හිතෛෂී, අර වචනද මේ වචනද තියන හිවල්ලුත්.. සැමවිටම ඔවුන්ගෙන් වුනේ රට, ජාතිය පාවාදීමක්... නමුත් එළියට නම් පෙන්නන්නේ සුදුපිරුවට ඇඳගෙන මල්වට්ටි ඔලුවේ උඩම තියාගෙන යනවා විතරයි.

:       0       0

sudath Wednesday, 04 September 2019 03:00 PM

කෙන්ද කන්ද කිරීමටත්, කන්ද කෙන්ද කිරීමටත් දක්ෂ කෙනෙක් මෙයා...

:       0       0

Gamarala Wednesday, 04 September 2019 04:17 PM

අපේ බුද්ධි නිලධාරීන් හිරේ, ත්‍රස්තවාදීන් එළියේ. එහෙම තමයි අපි එයට මුහුණ දෙන්නේ. විදේශ වලින් දෙන තොරතුරුවත් ගණන් ගත්තේ නැතිව පණ්ඩිත වෙන්න හදනවා.

:       1       175

Raveendra Wednesday, 04 September 2019 04:24 PM

හා ..හා..හරි හරි... මිලේනියම් සිටි එකෙන්ම පටන්ගමුකෝ සූත්තර පුංචෝ. නිකන් බයිලා "දොඩවන්නේ" නැතිව..

:       0       201

upali Wednesday, 04 September 2019 05:14 PM

ත්‍රස්තයන් බොහෝවිට තෝරාගන්නේ දේශපාලන අස්ථාවර රටවල්ය...

:       0       0

Amila Wednesday, 04 September 2019 05:21 PM

මෙයාට නීතීරීතී වලට නම් අත තියන්න දෙන්න එපා.. අගැමති කමත් පක්ෂ නායක‍කම වගේ කරගනියි..

:       0       0

Rata Perata Wednesday, 04 September 2019 07:26 PM

හා.... අපි හදලා දෙනකම් ඉන්න.

:       0       0

Chanak los angeles Wednesday, 04 September 2019 08:10 PM

අන්න ඔබට දැල එලන්නයි යහපාල වෑයම් කරන්නේ... ගුණමකුවාගේ හැටි ඔහොමලු...

:       0       0

RATE RALA Wednesday, 04 September 2019 11:21 PM

ඉතින් ඔයාලා ඉන්නේ ඒවා කරන්නනේ.. නැතුව අපි කරන්නද?

:       0       0

මුණසිංහ Thursday, 05 September 2019 01:21 AM

ඕක තමුන්ට අලුත් දෙයක් වුණාට අපිට නම් අලුත් නැහැ. තමුන් මේ රටේ තිබුණු ආරක්ෂක වළල්ල සම්පූර්ණයෙන් බිඳදමලා රටම විනාශ කළ බව ඔබ හැර රට වැසි සියල්ලන්ම දන්නවා. දැන් මෙතන අලුත් දෙයක් වගේ කතා කරනවා. කරුණාකරලා අපිට වද නොදී ගිහිල්ලා ඇමරිකාවේම පදිංචි වෙනවා. ආයේ මෙහෙ එන්න එපා.

:       0       0

chandima Thursday, 05 September 2019 01:41 AM

ඉතින් එහෙම එකක් ඕනෑනම් මේ පහුගිය අවුරුදු හතරේ පොල්ගෑවද? ඒ කියන නීති රාමුව හදන්න ඕනෑ තරම් කල් තිබුනනේ? LTTE අන්ත ත්‍රස්තවාදේ තියෙන කාලෙත් අගමැතිවෙලා ආණ්ඩුව කෙරුවා නේද?

:       0       0

Nimal Thursday, 05 September 2019 02:02 AM

අපි දැක්කා ඔබතුමාලා ත්‍රස්තවාදය පරාජය කළ විදිහ. අපිට හිතාගන්නවත් බැරිවුණා ඔබතුමාගේ ශූරත්වය දැකලා.

:       0       0

Ruchira Thursday, 05 September 2019 04:11 AM

අවුරුදු 5 ට හදල දීපු ටික හොදටම ඇති. අලුත් රාමුව අපි හදාගන්නම්.

:       0       35

RaveendraThursday, 05 September 2019 07:26 AM

හාදය කොහොමත් කෙසෙල් බඩවලින් රාමු හදන්න හරිම දක්ෂයනේ...බඩවැල් වල ප්‍රශ්නවලට කෙසෙල්බඩ හොද ආහාරයක්. එක දන්නා නිසා වෙන්න ඇති කෙසෙල් බඩම තෝරාගෙන තියෙන්නේ රාමු හදන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 687 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 865 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 370 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site