IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


‘ත්‍රස්තවාදය වැළැක්වීමේ නව පනත වෙනුවට තිබෙන පනතේ අඩුපාඩු සකසන්න’

(නිමල කොඩිතුවක්කු)
 
ත‍්‍රස්තවාදය වැළැක්වීම සඳහා නව පනත් ඉදිරිපත් කරනවා වෙනුවට තිබෙන පනතේ අඩුපාඩුකම් ඇත්නම් ඒ සඳහා සංශෝධන ඉදිරිපත් කර ත‍්‍රස්තවාදය මැඩලීමේ කටයුතු කඩිනම් කරන ලෙස මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ අද(30) පැවසූහ.
 
නව පනත් ඉදිරිපත් කර ඒ පිළිබඳ වාද විවාද කරමින් කල් මරනවා වෙනුවට ගත යුතු ක‍්‍රියාමාර්ග කඩිනමින් සහ නිවැරදිව ගනිමින් ත‍්‍රස්තවාදය මුලිනුපුටා දැමීමට රජය පියවර ගත යුතුව ඇතැයිද අගරදගුරුතුමෝ සඳහන් කළහ.
 
බොරුල්ල අගරදගුරු මැදුරේ පැවති මාධ්‍ය හමුවකදී  අගරදගුරුතුමෝ මේ බව පැවසූහ.
 
මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමා වැඩිදුරටත් මෙසේද කීහ.    
  
“පාස්කු ප‍්‍රහාරයෙන් පසුව රජය සිදුකරගෙන යන වැඩපිළිවෙළ පිළිබඳව  අපි තවමත් සෑහීමකට පත්වෙන්නේ නැහැ. අල්ලාගත් සැකකරුවන්ගෙන් මෙම සිද්ධියට  අදාළ තොරතුරු රාශියක්  ලබා ගෙන ඇති බවට අපිට දැන ගන්නට ලැබී තිබෙනවා.
 
සැකකරුවන් වරදකරුවන් වූ පසු  ඔවුන් සම්බන්ධයෙන් ගන්නා ඉදිරි පියවර පිළිබඳව අපි කිසිවක් දන්නේ නැහැ. මේ අය කොහාටද  ගෙනියන්නේ මොනවද ඒ අයට  කරන්නේ කියලා අපි දන්නේ නැහැ. 
 
අපේ ප‍්‍රදේශවලට සම්බන්ධ  ප‍්‍රසිද්ධ පුද්ගලයෙක් ඊයෙත් අල්ලලා නිදහස් කලා.  ඔහු  ළඟ තිබූ කඩු කිනිසි අල්ලා ගත්තයින් පසුව තමයි මේ විදියට ඔහු නිදහස් කරලා තියෙන්නේ. ඔවුන්ගෙන් ලබා ගන්නා තොරතුරුවලට  ඊළඟට මොකක්ද කරන්නේ?  මේ තොරතුරු  හරියාකාරව ලබා ගන්නා ආයතනයක් තියෙනවද? ඒ ආයතනය  මගින් මෙම තොරතුරු අධ්‍යයනය කරලා මේවා පිටුපස ඉන්න පුද්ගලයන්  ගැන දැනුම්වත්භාවයක් ලබා ගන්නවද? 

සාමාන්‍යයෙන් ක‍්‍රියාත්මක වන  නීති රෙගුලාසි මත ත‍්‍රස්තවාදීන්ට දැඩි පියවර  ගැනීමට අහසුයි. ඒ නිසා  විකල්ප  ක‍්‍රම ඉදිරිපත් වෙනවා.  ත‍්‍රස්ත විරෝධී පනත අලුතින් ගේනවට වඩා දැන් තියෙන පනත ශක්තිමත් කිරීම වැදගත්. 
 
අලූත් පනත සම්බන්ධයෙන් විවිධ  මත භේද මතුවෙමින් යනවා. එම පනතින්  ජනතාවගේ, වෘත්තීයවේදීන්ගේ  නිදහස සීමා  කරන්නට කටයුතු  කරනවා කියලා පැවසෙනවා. කවුරු හරි  ඇල්ලූවොත් ඒ අයගේ නිවෙස්වලට දැනුම් දිය යුතුයි  ආදී කරුණු නිසා මේ වැඩේ  කරගන්න බැරුව එන්න එන්න  සංකීර්ණවෙනවා. 
 
ඒ නිසා දැන් තියෙන පනතේ අඩුපාඩු තියෙනවනම්  ඒකට සංශෝෂධන ගෙනල්ලා  පාර්ලිමේන්තුව රැස්වෙලා පනත සංශෝධනය  කරලා මේ වැඩපිළිවෙළ ක‍්‍රියාත්මක කරන ලෙසට අපි ඉල්ලා සිටිනවා.
 
සමාජ වෙබ්  අඩවි තහනම් කරලා තිබුණත් අපේ තරුණ දූ පුතුන් වෙනත්  තාක්ෂණික ක‍්‍රමවේද  මගින් ඒවා පරිහරණය කරමින් සිටිනවා. ජනතාව කුපිත  කරවන වෛරය වපුරවන  ප‍්‍රකෝපකාරී දේ ප‍්‍රචාරය කිරීමෙන්  අපේ අධ්‍යාත්මිකත්වය  පාවා නොදෙන ලෙස අපේ තරුණ තරුණියන්ගෙන් මම ඉල්ලීමක් කරනවා. මේ වෙලාවේ රටට ආදරය  කරන පිරිස් කළයුත්තේ මේ ඇතිවූ ගින්න නිවන්න සහයෝගය දැක්වීමයි. 
 
විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍ය කරන සේවය අපි මේ වෙලාවේ අගය කරනවා.  මේ අවස්ථාවේ මාධ්‍ය කිසිදු දේශපාලන පක්ෂයක න්‍යාය පත‍්‍රයකට නතු නොවී අපක්ෂපාතීව කරුණු ජනතාවට ඉදිරිපත්  කරමින් මේ ජාතික ප‍්‍රශ්නය දේශපාලනීකරණය  කිරීමට මොනම විදියකින්වත්  කටයුතු නොකිරීමට වගබලා ගන්න කියලා අපි ඉල්ලීමක් කරනවා ”යැයිද අගරදගුරුතුමා එහිදී පැවැසීය.

(ඡායාරූප - චතුර එස්. කොඩිකාර)



අදහස් (1)

‘ත්‍රස්තවාදය වැළැක්වීමේ නව පනත වෙනුවට තිබෙන පනතේ අඩුපාඩු සකසන්න’

DU Tuesday, 30 April 2019 12:31 PM

සත්‍ය කතාවක්. මොනවා වුනත් JR අනාගතේ ගැන හිතලයි ඕක හැදුවේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 149 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site