(ඩයනා උදයංගනී)
ත‍්‍රස්තවාදය හා අන්තවාදය මුලිනුපුටා දැමීම සඳහා ගෙන ආ යුතු නීති රීති පිළිබඳ යෝජනා 11ක් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මන්ත‍්‍රී කණ්ඩායම විසින් පාර්ලිමේන්තුවේ ජාතික ආරක්‍ෂාව පිළිබඳ ආංශික අධීක්‍ෂණ කමිටුවේ සභාපති මලිත් ජයතිලක මන්ත‍්‍රීවරයා වෙත අද (14) බාරදී තිබේ.
ත‍්‍රස්තවාදය මැඩලීම, නැවතත් ත‍්‍රස්තවාදයක් බිහිවීම වැළැක්වීම සඳහා අවශ්‍ය සාමාජීය හා සංස්කෘතික වෙනස්කම් කිරීමට කඩිනමින් නීති රීති ගෙන ආ යුතුව ඇති බැවින් ශ්‍රී.ල.නි.ප මන්ත‍්‍රී කණ්ඩායම එක්වී සාකච්ඡා වාර හයක් පමණ පවත්වා මෙම යෝජනාවලිය සකස් කළ බව එම පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය.
රටේ නීති රීති, රෙගුලාසි සම්මත කිරීම පිළිබඳ බලය තිබෙන්නේ පාර්ලිමේන්තුවට වුවත් වර්තමානයේදී ත‍්‍රස්තවාදය මැඩලීමට අවශ්‍ය නීති රීති සම්පාදනය කිරීමේ ප‍්‍රමාදයක් සිදුවන බව පෙනී යන බැවින් මෙම යෝජනාවලිය සකස් කළ බව ද නිමල් සිරිපාල ද සිල්වා මහතා සඳහන් කළේය.
නිමල් සිරිපාල ද සිල්වා මහතා මේ බව පැවසුවේ පාර්ලිමේන්තුවේ කමිටු ශාලා අංක 7 දී අද (14) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
ජාතීන් හා ආගම් අතර මිත‍්‍රත්වය වර්ධනය කරමින් නව ත‍්‍රස්තවාදය හා අන්තවාදය මුලිනුපුටා දැමීමට අවශ්‍ය පරිදි ජාතික ආරක්‍ෂාව තහවුරු කිරීමට අදාළ නීති රීති සම්පාදනය හා ක‍්‍රියාත්මක කිරීම යන ශීර්ෂයෙන් යුතුව මෙම යෝජනාවලිය සකස් කර ඇති බව කී මන්ත‍්‍රීවරයා ජාතික ආරක්‍ෂාව පිළිබඳ ආංශික අධීක්‍ෂණ කමිටුව කැඳවා මෙම නීති රීති ඉක්මණින් සකස් කරන ලෙස ඉල්ලා සිටින බව ද කීවේය.
ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක‍්‍රමය සමාලෝචනය කර ජාති හා ආගම් ලෙස බෙදී ඇති අධ්‍යාපන ක‍්‍රමය වෙනස් කිරීම, විදේශ ගතව අධ්‍යාපනය ලබන ශ්‍රී ලාංකීය දරුවන් මෙරට සංස්කෘතික හා සාමාජීය රටාවන්ට අනුගත කිරීම, මෙරටට පැමිණ ජාතික, ආගමික, සංස්කෘතික දේශන හා අධ්‍යයන පර්යේෂණ, වැඩමුළු පවත්වන්නන් විශේෂ පරීක්‍ෂණයකට ලක්කිරීම, ජාතික ආරක්‍ෂාවට හා සාමකාමී පැවැත්මට හානිකර වූ ෆුල්ෆේස් හෙල්මට්, බුර්කා වැනි ඇඳුම් තහනම් කිරීම, ජාති, ආගම්, කුල පදනම් කරගෙන දේශපාලන පක්‍ෂ ලියාපදිංචි කිරීම වැළැක්වීම, ආගමික සිද්ධස්ථාන හා යාඥා මධ්‍යස්ථාන ඇතිකිරීම පිළිබඳව පොදු නීති රීති ගෙනඒම, ජාති හා ආගම් අනුව අමාත්‍යාංශ ඇතිකිරීම වෙනුවට එක් ප‍්‍රධාන ආගමික කටයුතු අමාත්‍යාංශයක් පිහිටුවීම පිළිබඳ නීතියක් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් කිරීම ආදිය වෙනුවෙන් නීති සම්පාදනය කළ යුතු බව එම යෝජනාවලියේ දක්වා ඇතැයි ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරයා කීවේය.
එමෙන්ම විවිධ රටවලින්, සංවිධානවලින් හා පුද්ගලයන්ගෙන් ලැබෙන අරමුදල් යොදවන්නේ කවර අරමුණු වෙනුවෙන්ද යන්න නිසි අධීක්‍ෂණයට හා පාලනයට ලක්කිරීමටත්, අන්තර්ජාල තොරතුරු හා මුහුණු පොත් මගින් සිදුකරන සාපරාධී තොරතුරු පාලනය සඳහා නීති සම්පාදනය කිරීමත් කළ යුතු බවද එයට ඇතුළත් කර ඇතැයි හෙතෙම සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඊට කලින් පක්ෂය දියවී යන එක වැළැක්වීමට ගෙන ආයුතු නීති සහ එම නීති ක්‍රියාත්මක කරන ආකාරය පිළිබඳ යෝජනා පෙළක් ගෙන ආවොත් හොඳයි නේද? ප්‍රතිවාදීන් දැන් රට ගිණිතියලා හරි බලයට එන්නයි උත්සාහය. ඒක පරද්දන එක නම් ලේසි වෙන එකක් නැහැ.
12 වන යෝජනාව දයාසිරිට පොලිසිය බාර දීම....
ඉතාම හොඳ යෝජනා 11කි. නමුත් මෙයට තව එකක් එකතුකර ආගමික සිද්ධස්ථාන හා යාඥා මධ්‍යස්ථාන තුළදී දේශපාලන වැඩසටහන් සහ දේශපාලකයන් දේශපාලනය කතා කිරීම සහ භික්ෂූන්වහන්සේලා දේශපාලනය කටයුතු කිරීම නැවැත්වීම... 12වැනි යෝජනාව යෝජනා කරමි.
විදේශ රටවලින් ලැබෙන මුදල්වලින් කරන ඉඳි කිරීම් ශ්‍රී ලාංකික අනන්‍යතාවට සරිලන සේ ඉදිකිරීමටත් නීති සැකසිය යුතුයි.
අපි ශ්‍රී ලාංකික නම් එක නීතියක් තියෙන්න ඕනේ... එහෙම නැත්නම් සිංහලයින්ට එක නීතියක්, මුස්ලිම් අයට එක නීතියක්, දෙමළ අයට තවත් නීතියක්, මෙහෙම වුණාම අපිට ලාංකික කියන්න බෑ. අපිව බෙදලා තියෙන්නේ මේ නීති නිසා... අපි හැමෝටම එක නීතියක් තිබුණු දවසට මේ ප්‍රශ්න නැතිව ඉන්න පුලුවන් වෙයි..
බොහොම හොඳ යෝජනාවලියක්.. ඇත්තටම විපක්ෂය කටුතු කළ යුත්තේ මේ විදියට හැමදේම විවේචනය කරමින් බලය ගන්නම හිතාගෙන ඉන්නවට වඩා රටට ප්‍රයෝජනවත් යමක් කිරීමයි. ආණ්ඩුව මේ සම්බන්ධයෙන් අවධානය යොමු කළ යුතුය. ආණ්ඩුවත් ජන කොටසක ඡන්ද ටිකට කෑදරකමේ රට පාවා දෙනවා නම් එ්ක අවාසනාවක්...
ජාතින් අතර සහජීවනය ඇති කිරීමට වැදගත්ම කරුණු යෝජනා මාලාවට ඇතුලත් කරලා නැහැ. එක විවාහ නීතියක්, පවුලක ළමයි සීමා කිරීමට නීතියක්, ජාතීන් අනුව හුදෙකලා ගම්මාන ඇති නොකිරීමට යෝජනාවක් වගේ දේවල්...
පොලීසිය අල්ල ගන්න අන්තවාදීන්ව බලපෑම් කරලා නිදහස් කරගෙන යන එක ඕකේ නැද්ද?
ඔව් ඒ වගේම මෙවැනි අපරාධ වලට සම්බන්ධ වන සියලු දෙනාගේම ප්‍රජා අයිතිය අනිවාර්යයෙන්ම අහෝසි කළයුතුයි සහ සියලු දේපළ රාජසන්තක කළයුතුයි...
මේ අයගේ යෝජනා වැඩක් නොවේ. මේ ත්‍රස්තවාදය ඔක්තෝබර් 26 වෙනිදා හටගත් විප්ලවයේම කොටසකි. කරුණාකර රට ගිනි තියන්න අර අඳින්නේ නැතිව මේ අයට රට කරන්න ඉඩ දෙන්න. අායෙත් රටේ පාලනයක් ගන්න ඕනෑනම් ඒ මේ යෝජනා ඉදිරිපත් කරන්න ඡන්ද කාලෙට. වෙන රටවල් එහෙමයි කරන්නේ. මොකද මේ ඉස්පාසුවක් නැත්තේ? බලලෝභයා එතරම් හොඳ දෙයක් නොවේ. ධර්මාශෝක රජුගේ කතාව නොදන්නවාද? කරුණාකර ඉවසන්න පුරුදු වෙයල්ලා. වයසට යන එක වෙනම දෙයක්. රටේ සල්ලි ටික කාබාසිනියා කරන්න එකඑකාගේ තරගේ. ජනතාව බබ්බු නෙමෙයි දැනගනිල්ලා.
දැන් පරක්කු වැඩියි. තුවාලේ ඔඩුදුවලා ඉවරයි. තියෙන්නේ උඩින්ම කපා දමන එකයි. නැතිව සංහිඳියාවෙන් හොඳ කරන්න බැහැ.