(නිමන්ති රණසිංහ)
ලංකාවට තවමත් ජාත්‍යන්තර ත්‍රස්තවාදී බලපෑම තිබෙනවාද නැද්ද යන්න සම්බන්ධයෙන් මෙරට විමර්ශකයින් තින්දු කළ යුතු බවත් එලෙස බලපෑම් ඇත්නම් ඒවා මැඩපැවැත්වීම සඳහා තමන් පූර්ණ සහයෝගය දක්වන බවත් ජාත්‍යන්තර පොලිසියේ මහ ලේකම්වරයා කොළඹ හිල්ටන් හෝටලයේ පැවැති මාධ්‍ය හමුවේදී අද (27) ප‍්‍රකාශ කළේය.
පාස්කු ඉරිදා ප‍්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට මෙරටට පැමිණි ජාත්‍යන්තර පොලිසියේ විශේෂ විමර්ශන කණ්ඩායමට ශ්‍රී ලංකා පොලිසිය සහ මෙරට රජය ලබාදුන් සහාය අගය කිරීම සඳහා මෙරටට පැමිණි ජාත්‍යන්තර පොලිසියේ මහ ලේකම්වරයා අද පැවැති මාධ්‍ය හමුවේදී එලෙස ප‍්‍රකාශ කළේය.
කොළඹ හිල්ටන් හෝටලයේ ඔනෙක්ස් ශාලාවේ පැවැති මාධ්‍ය හමුව සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ ත්‍රස්තවාදී මර්දන හා විමර්ශන කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න, ජාත්‍යන්තර පොලිසියේ ශ්‍රී ලංකා ශාඛාවේ පොලිස් අධිකාරී රන්ජිත් වෙදසිංහ සහ පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර යන මහත්වරු සහභාගී වූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සහයනම් නැතත් කමක් නෑ මහත්වරුණේ අපි වැඩේ ඉවර කරලා දැම්මම , මානව හිමිකම් කිය කියා අපට ගහන්නෙ නැතිව හිටියනම් ඇති
පව්, මේ ජාත්‍යන්තර කට්ටිය ගෙන්නගන්න එක අර නායක තුමාගේ අසාවනේ? එකනේ තවම ත්‍රස්තයෝ ඉන්නවා කියල පසුගිය දවස්වල කිව්වේ මේ ජාත්‍යන්තර කට්ටිය ගෙන්න ගන්න. මොන තරම් නම් ඔය ජාත්‍යන්තර කට්ටියට එක්කල ගැවසෙන්න ආසාවේ දඟලනවද? මහේ හිතේ පුංචි කාලේ ගියේ හික්කඩුව පැත්තේ ඉස්කෝලෙකට වෙන්න ඇති.