(ඩී. ජී. සුගතපාල)
තලාපිටිය ප්‍රදේශයේ නිවසක ගෝනි 10ක සඟවා තිබූ ත්‍රිවිධ හමුදා නිල ඇඳුම් තොගයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බව ගාල්ල පොලිසිය කියයි.
එම නිවසේ නිල ඇඳුම් දහසකට ආසන්න සංඛ්‍යාවක් තිබී සොයා ගන්නා ලද අතර ඒවායේ රණවිරු ලාංඡනය සහිත රණවිරු ඇපරල් ලේබලය තිබූ බවත් එම නිල ඇඳුම් බියගම ප්‍රදේශයේ කම්හලක මසනු ලබන ඒවා බවත් පොලිසිය පවසයි.
ගාල්ල පොලිසිය විසින් අද (06) කරන ලද විශේෂ සෝදිසි මෙහෙයුමකදී මෙම නිල ඇඳුම් තොගය සොයාගෙන ඇත.
මෙම නිල ඇඳුම් සැකකරුට ලැබුනේ කෙසේද යන්න පිළිබඳව පුළුල් පරීක්ෂණයක් පවත්වන බව ගාල්ල පොලිසිය පවසයි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ නිල ඇඳුම් මසා ත්‍රස්තවාදී කණ්ඩායම්වලට ලබාදුන් ආයතනද සීල් තබා නීතිය ක්‍රියාත්මක කළ යුතුයි. යහපාලනය කියන අමූලික බොරුවේ අනුහසින් මේ ප්‍රශ්නය ඔඩු දුවලා නේද ?
සාම ගිවිසුම කාලේ කොටි ආයුධ ගොඩගහගත්තා වගේම එකක් 2009න් පසු මුස්ලිමුන්ද සිදු කර ඇත .අනිත් හැමෝම අපි වගේ නිරායුධ, අහිංසාවාදී මිනිසුන් යයි සිතා අපි රැවටී ඇති බව පෙනේ .අපේ සත්ව කරුණාවෙන් ත්‍රස්තවාදීන් ප්‍රයෝජන අරන් ඇත .