(ජයන්ත සමරකෝන්)
බාල වර්ගයේ ලිහිසි තෙල් ජාවාරමක් රට පුරා ක්‍රියාත්මක වන බවත් මේ නිසා ත්‍රිරෝද රථ ඇතුළු වාහන විවිධ කාර්මික දෝෂවලට ලක්වන බවත් දන්වමින් සමස්ත ලංකා ස්වයං රැකියා වෘත්තිකයින්ගේ ජාතික ත්‍රිරෝද රථ සම්මේලනයේ සභාපති සුනිල් ජයවර්ධන මහතා අද (22) ජනාධිපතිවරයාට ලිඛිතව දැනුම් දී තිබේ.
වාහන සේවා ස්ථාන වලින් ඉවත් කරන ලද සඵලත්වය අවසන් වූ තෙල් නැවත පෙරීමට ලක් කර නියම තත්ත්වයේ තෙල්වල පැහැය ගන්වා ගන්වා ඉවත් කරනලද ඇසුරුම්වල පුරවා සැබෑ නිෂ්පාදන ලෙස මුද්‍රාකර ඉතා අඩු මිල ගණන්වලට අලෙවි කිරීම ජාවාරම්කරුවන් විසින් රිසි සේ සිදු කරගෙන යන බවද එම ලිපියේ සඳහන්ය.
මෙම ව්‍යාජ ලිහිසි තෙල් බැරලයක් රුපියල් 50,000 ක් වන අතර පිළිගත් තෙල් බැරලයක් රුපියල් රුපියල් ලක්ෂයක් වන බවද ලීටරයේ ප්‍රමාණයේ බෝතල්වලට පුරවා ඉන්ධන පිරවුම්හල් වාහන අලුත් වැඩියා කරන ස්ථානවල (ගරාජ) හා වාහන සේවා ස්ථාන (සර්විස් සෙන්ටර්) සඳහා අලෙවි කරන බවද අනාවරණය කරගෙන ඇත.
ලිහිසි තෙල් අනවසරයෙන් බෙදාහරින්නන් විසින් ප්‍රති ඇසුරුම් කර සිදු කරන මෙම ක්‍රියාවලිය හේතුවෙන් ත්‍රිරෝද ගණනාවක්ම ගිනි ගැනීමට ලක් වූ බවද වාහන ලක්ෂ ගණනින් ගාරජවල ගාල් කිරීමට සිදු වනු ඇතැයි ද එම ලිපියේ දන්වා ඇත.
මෙවැනි තෙල් බැරල් 15, 000 පමණ රට පුරා බෙදා හැර ඇති බවද එම ලිපියේ සදහන් වෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සල්ලි හොයන්න කරන බොරුවේ උපරිමයට දැන් ලංකාව ළඟාවෙලා තියෙන්නේ... මේවට දඬුවම් දෙන්නේ ස්වභාවදහමයි. ළඟදීම දවසක සුනාමියක් මගින් රටම හෝදලා දායි.
කොළඹ ලොකු හෝටල්වලින් අයින් කරන පොල්තෙලුත් මේ විදියට අරන් ගිහින් කෑම හදන්න ගන්නවා. සබන් හදන්නත් ගන්නවා. ඇතැම් පී.එච්.අයි. ලා ඒවා නොදැක්කා වගේ ඉන්නවා..
අඩුවට හොද තෙල් දන්නේ නැතිව, නියම ප්‍රමිතියක් තියෙන තෙල් භාවිත කලානම් හරිනේ. එත් එක්කම ඔය ප්‍රමිතියට හදල එවන සුක්කානම ඒ විදියටම තියා ගත්තනම් සැහෙන්න වටිනවා.