(නිමල කොඩිතුවක්කු)
ථෙරවාදී පාලි ත‍්‍රිපිටකය යුනෙස්කෝ ලෝක මතක උරුම ලේඛනයට ඇතුළත් කිරීම සඳහා වන තාක්ෂණික ක‍්‍රියාවලිය වෙනුවෙන් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් විද්වත් කමිටුවක් පත් කර තිබේ.
ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් ඇසළ වීරකෝන් සහ බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් සුනන්ද කාරියප්පෙරුම යන මහත්වරුන්ගේ ප‍්‍රධානත්වයෙන් එම කමිටුව පත් කර ඇත.
මහාචාර්ය මැදගම්පිටිය විජිත නන්ද ස්වාමින් වහන්සේ, නිවාස, ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ජී. විජිත නන්ද කුමාර්, ශ්‍රී ලංකා යුනෙස්කෝ කොමිෂන් සභාවේ ලේකම් ජනරාල් පේ‍්‍රමලාල් රත්නවීර, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ වැඩබලන අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය පී.බී. මණ්ඩාවල, මහාචාර්ය කේ.ඞී. පරණවිතාන, මහාචාර්ය මාලනී ඇඳගම, මහාචාර්ය පී.බී. නන්දදේව, මහාචාර්ය චන්දිම විජේබණ්ඩාර යන මහත්ම මහත්මීන් ඇතුථ විද්වත් පිරිසකගෙන් එම කමිටුව සමන්විත වේ.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.