(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )
ශ්‍රී ලංකා තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබද කොමිෂන් සභාවේ දැනට පුරප්පාඩුවී ඇති සහ ඉදිරියේදී පුරප්පාඩුවීමට නියමිතව ඇති තනතුරු පිරවීම සඳහා නාමයෝජනා කැදවීමට පාර්ලිමේන්තු සභාව තීරණය කර ඇතැයි පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා පැවැසීය.
මේ අනුව එම පුරප්පාඩු සඳහා ශ්‍රී ලංකා නීතීඥ සංගමය, ප්‍රකාශකයන්ගේ සංගම්, පුවත්පත් කර්තෘවරුන්, ජනමාධ්‍යවේදීන් සහ අනෙකුත් සිවිල් සංවිධානවලින් නාම යෝජනා කැදවෙනු ඇතැයිද හෙතෙම සඳහන් කළේය.
මෙම තීරණය ගෙන ඇත්තේ කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති පාර්ලිමේන්තු සභාවේදීය.
මාර්ගගත ක්‍රමයට (Online) පාර්ලිමේන්තු සභාව රැස්විය.
නාමයෝජනා කැඳවීම සදහා භාෂා ත්‍රිත්වයෙන් සති අන්තයේ සහ සතියේ දිනවල පුවත්පත් දැන්වීම් ප්‍රකාශයට පත් කිරීමටත් නාම යෝජනා ඉදිරිපත් කිරීමට සති දෙකක කාලයක් ලබා දීමටත් පාර්ලිමේන්තු සභාව මෙහිදී තීරණය කර ඇත . මෙම රැස්වීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, ධීවර කටයුතු පිළිබඳ අමාත්‍ය ඩග්ලස් දේවානන්ද සහ පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් යන මහත්වරුද සහභාගී වූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd