IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


තරුණිය බේරාගන්න ජලාශයට පැන්න දෙදරු පියාගේ සිරුර හමුවෙයි

(රංජිත් රාජපක්ෂ )                      

ඉහළ කොත්මලේ ජලාශයට පැන සිය දිවි හානි කර ගැනිමට තැත් කළ තරුණිය බේරා ගැනිමට උත්සහ කළ දෙදරු පියාගේ සිරුර එම ජලාශයේම තිබි (21) දින පස්වරුවේ පොලිස් ජිවිත ආරක්ෂක භටයින් සහ ප්‍රදේශවාසින් විසින් සොයා ගෙන ඇත.

මෙසේ සොයාගනු ලැබුවේ තලවකැලේ ලිදුල රත්නිල්ලකැලේ ප්‍රදේශයේ පදිංචි හමිඩ් රිස්වාන් නැමති (28) හැවිරිදි දෙදරු පියාගේ සිරුරය.
 
වෘත්තියෙන් වඩු කාර්මිකයෙකු වශයෙන් සේවය කල හමිඩ් රිස්වාන් (21) දින සේවය කරමින් සිටි ස්ථානයට යාබදවම ඉහල කොත්මලේ ජලාශය පිහිටා ඇති අතර සිය දිවි හානි කර ගැනිමට ජලාශයට පැන ඇති තරුණියගේ සිද්ධිය දැක බලා ගැනිමට ගොස් ප්‍රදේශ වාසින්ගේ ඉල්ලිමක් මත දියේ ගිලෙමින් සිටි තරුණිය බේරා ගැනිමට දෙදරු පියා ජලාශයට පැන ඇත.
 
ජලාශයට පැන සිය දිවි හානි කර ගැනිමට උත්සහ කර ඇත්තේ හින්දු ජාතික තරුණියක් වන අතර ඇය බේරා ගැනිමට උත්සහ ජිවිතක්ෂයට පත් වි ඇත්තේ මුස්ලිම් ජාතික දෙදරු පියෙකි.
 
ගොඩගත් සිරුර පශ්චාත් මරණ පරික්ෂණය සදහා නුවරඑලිය මුලික රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කෙරේ.

 



අදහස් (13)

තරුණිය බේරාගන්න ජලාශයට පැන්න දෙදරු පියාගේ සිරුර හමුවෙයි

Chandana Thursday, 21 May 2020 04:18 PM

මිනිසත්කමට ජාති බේද නැත. එයට කදිම ආදර්ශය රිස්වාන්ය. ඔබගේ ඊළග භවය සැපවත් වේවා.

:       0       23

සමිත සේනක අලුත්ගමගේ. Thursday, 21 May 2020 05:06 PM

ඇගේ පණ රැකීමට ඔහු ජලයට පැන්නා.. එනමුදු අනේ ! ඔහු මෙලෙසින් දිවි දුන්නා.. පියා අහිමි වීමෙන් ඒ දරු දෙන්නා.. අපමණ දුක් ගඟක මතු දින පිහිනන්නා..

:       0       107

Raveendra Friday, 22 May 2020 03:39 AM

අනේ පව්... තවත් ජීවිතයක් බේරා ගැනුමට ඉදිරිපත් වී තම වටිනා ජීවිතය අහිමි කරගත් ඔබට නිවන් සුව අත්වේවා !!!

:       0       54

සමිත සේනක අලුත්ගමගේ.Friday, 22 May 2020 04:48 AM

රවීන්ද්‍ර මහතා, ඇත්තටම හද සසළ කරවන සිද්ධියක් නේද?

:       0       43

RaveendraFriday, 22 May 2020 08:27 AM

ඇත්තෙන්ම කව්රුන් වුනත් තව කෙනෙකුගේ ජීවිතයක් බේරාගැනුමට නේද මේ උත්සහ කලේ? අප හදවතින්ම කණගාටු වෙන්නෙමු. ඔහු මුස්ලිම්ද, සිංහලද, දෙමළද අදාළ නැත...

:       0       27

Sam Friday, 22 May 2020 06:02 AM

පව්, මේ මුස්ලිම් තරුණයා තමන්ගේ ජීවිතේ ලබාදීලා තියෙනවා. අපේ සිංහල සහෝදරියක් බේරගන්න. දැන් ඒ තරුණයාගේ ළමයි බලා ගන්නේ කවුද?

:       53       67

Gaveshi Friday, 22 May 2020 06:03 AM

මෙතැනදී මේ මුස්ලිම් තරුණයා බැලුවේ නැහැ... දියේ ගිලෙන්නේ මුස්ලිම්ද සිංහලද කියලා... අවශ්‍යතාව නිසා ගඟට පැන්නා. සෙනඟ 200ක් ඉඳලාත් කවුරුත් පැන්නේ නැහැ... අනේ පව් ඒ තරුණයාගේ ළමයි දෙන්නයි, බිරිඳයි.

:       3       18

Ruwan R Friday, 22 May 2020 06:06 AM

ජාතීන් අතර සමගිය, දේශපාලකයා විසින් ඇතිකළ යුතු නැත. නැති නොකර සිටින්නේ නම් මැනවි... සොයුර ඔබ වීරයෙකි.

:       0       74

Hasan Friday, 22 May 2020 06:31 AM

ඔබ රාමසාන් මාසයේ නෝම්බි අල්ලාගෙන ඉඳලා තවත් ප්‍රාණයක් බේරගන්න උත්සාහ කරීම ගැන සතුටුවෙනවා. ඔබ දන්නවාද කුරානයේ සඳහන් වෙනවා ඔබ එකපාර පණක් නසන්නේ නම් ඔබ සමස්ත සමාජයම විනාශ කළා හා සමානයි කියනවා වගේම ඔබ එක ප්‍රාණයක් බේරාගැනීම සමස්ත මනුෂ්‍ය සංහතියම බේරාගැනීමක් වෙනවා කියල පවසනවා. ඔබට ස්වර්ගයේ දොරටු විවෘත්ත වේවා. ආමේන්...!!!

:       0       16

Javed Friday, 22 May 2020 06:34 AM

සාමාන්‍යයෙන් අපේ මුස්ලිම් සමාජයේ අදහසක් තිබෙනවා... රාමසාන් මාසයේ නෝම්බි උපවාසය රකිමින් කවුරු හරි මියයනවා නම් ඔහු ස්වර්ග වාසියෙක් වෙනවා කියලා... සහෝදරයා ඔබ ඊටත් එහා ගිහිල්ලා තවත් ජීවිතයක් බේරාගන්න උත්සාහ කිරීමම ඉතා ශ්‍රේෂ්ඨයි..., ඔබට ස්වර්ගයේ දොරටු විවර වේවා...!!!

:       0       32

Nawshad Friday, 22 May 2020 06:37 AM

ඔබ එක මනුස්ස ජීවිතයක් බේරාගැනීම යනු මුළු මිනිස් සංහතියම බේරාගැනීම හා සමාන වෙන අතර ඔබ එක මිනිස් ඝාතනයක් කිරීම මුළු මිනිස් සංහතියම විනාශ කිරීමක් වෙනවා. සහෝදරයා ඔබ මුළු මිනිස් සමාජයක් බේරා ගත්ත හා සමානයි. ඔබට ස්වර්ගය ලැබේවා... ආමේන්!!!

:       0       79

sanjeevaFriday, 22 May 2020 07:26 AM

ඔබ සියලු දෙනාගේම අදහස්වල ගැබ්වෙලා තියෙන්නේ ශුද්ධ වූ කුරානයේ ශ්‍රේෂ්ට වදන්.... ඒ කිසිවෙකවත් කියාදීලා නැහැ... කෙනෙක්ගේ ප්‍රාණයක් නැතිකරන්න කියලා... එ් නිසා මම හැමතිස්සෙම කියන්නේ අපේ ආගම, දහම දර්ශනයන්හි තිබෙන සමානතා සොයලා බලලා ඒ ගැන මහජනයාට අවබෝධ කරදෙන්න කියා.. මෙම සහෝදරයාගේ මියයාම ඉතාමත් වේදනාත්මකයි...

:       0       64

රංග Friday, 22 May 2020 09:44 AM

යහපත් මිනිසෙක් ලෝකෙට අහිමි විය..!

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31147 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13286 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10955 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 53 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 888 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 268 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site