(මනෝප‍්‍රිය ගුණසේකර)
කොළඹ කොටහේන හා තදාසන්න ප‍්‍රදේශවල තරුණයින් 11 දෙනෙකු කප්පම් ලබාගැනීම සඳහා පැහැරගෙන ගොස් අතුරුදන් කරන ලදැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් නාවික හමුදා නිලධාරීන් පිරිසකට එරෙහිව ඉදිරි සති දෙක තුළ මහාධිකරණය හමුවේ කෙළින්ම නඩු පැවරීමට නීතීපතිවරයාගේ අවධානය යොමු වී ඇතැයි වාර්තා වේ.
මේ සම්බන්ධයෙන් රහස් පොලිස් නිලධාරීන් කණඩායමක් සිදුකළ දීර්ඝ විමර්ශනයකින් අනතුරුව සැකකාර නාවික හමුදා නිලධාරීන්ට එරෙහිව මහෙස්ත‍්‍රාත් අධිකරණයේ ලඝු නොවන නඩු විභාගයක් නොපවත්වා කෙළින්ම මහාධිකරණයේ අධිචෝදනා ගොනු කිරීමට අවධානය යොමු වී ඇතැයි ද වාර්තා වේ.
පසුගිය කාලයේ මහත් ආන්දෝලනයකට තුඩුදුන් මෙම සිදුවීම් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගැනුනු නාවික හමුදා නිලධාරීන් පිරිසක් මේ වන විට ඇප මත මුදාහරිනු ලැබ ඇති අතර තවත් නාවික හමුදා නිලධාරීහු පිරිසක් මේ වන විටත් රිමාන්ඞ් බාරයේ පසුවෙති.
COMMENTS
සමහරවිට මේ අතුරුදන්වූ 11 දෙනා වෙන රටක ඉන්නවද දන්නේ නෑ. එහෙම උනොත් මේ රණවිරුවෝ ටික නිරපරාදේ දඩුවම් ලබනවා. අනුරාධපුරේ රණවිරුවෙකුට මරණ දණ්ඩනය හිමි වෙලා තියෙනවා එක්නලිගොඩ අතුරුදන් වීම සම්බන්දව. ඒත් එක්නලිගොඩ දැන් වෙන රටක ඉන්නවා කියල ආරන්චියි
මෙතනට එන අදහස් බලලා මම ලියන්නම්. පාළු ගෙදර වළන් බිඳලා වැඩක් නැහැනේ