(ශිරාන් රණසිංහ)
ත්‍රීකුණාමල , චීන වරාය පරිශ්‍රයේ පිහිටි තෙල් ටැංකි 99 සහ අක්කර 700 ක ඉඩම ඉන්දීය තෙල් සමාගමට පවරා දුන් ලියවිල්ල නිත්‍යනුකූල නොවන බවට ප්‍රකාශ කර යළි එම ටැංකි සංස්ථාවට පවරා දෙන ලෙස ඉල්ලමින් සමිති හතරක් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතාවාසිකම් පෙත්සමක් ගොනුකළ බව ඛණිජ තෙල් පොදු සේවක සංගමයේ ලේකම් ඩී.ජේ රාජකරුණා මහතා පැවැසීය.
2003 පෙබරවාරි 7 වැනිදා ඉන්දීය තෙල් සමාගම හා අත්සන් කළ ලියවිල්ලක් මත මෙම තෙල් ටැංකි සහ ඉඩම එම සමාගමට පැවරුවද මාස 6ක් තුළ විධිමත් බදු ගිවිසුමක් ඇති කර ගතයුතු කොන්දේසිය ඉටු නොවීම පදනම් කරගෙන මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ගොනුකළ බවද ඒ මහතා කියා සිටියේය.
කොළඹ කොටුව සේවා මුක්ත භට සංගම් මූලස්ථානයේ පැවැති මෙම ප්‍රවෘත්ති සාකච්ඡාවට ඛණිජ තෙල් පොදු සේවක සංගමය , ඉන්ජිනේරු සංගමය , ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය නියෝජනය කරමින් නියෝජිතයින් කිහිපදෙනකු එක්ව සිටියහ.
2025 දෙසැම්බර් මස 18
513
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
263
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1059
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ත්‍රීකුණාමලයේ තෙල් ටැංකි සංස්ථාවට ඉල්ලා මූලික අයිතිවාසිකම් පෙත්සමක්
rohana Sunday, 14 October 2018 03:37 PM
2003 කියන්නේ මහා රජාගේ කාලේ නේද?
shanikaSunday, 14 October 2018 05:06 PM
නැහැ රෝහණ චෞර රැජිනගේ කාලේ...
NishanSunday, 14 October 2018 11:13 PM
රෝහණ, කට්ටියට කේන්ති යයි
බණ්ඩාMonday, 15 October 2018 03:06 AM
මොන රජා උනත් රටට ආදරේ රජෙක් තවම අපිට නෑ.
samanMonday, 15 October 2018 08:09 AM
සිංහලයින්ට ඉක්මනට අමතක වෙන එක ජන්ම ගතියක් නේ... මේ ගිවිසුම ගැහුවේ වත්මන් අගමැතිතුමා බලයේ හිටපු කාලේ. මේ ගිවිසුමත් සටන්විරාම ගිවිසුම වගේම ලංකාව පාවලාදුන්නු ගිවිසුමක්... තෙල් ටැංකි 8 ක් බදුදෙන්න ගහපු ගිවිසුමෙන් සම්පූර්ණ ඉඩමත් එක්ක තෙල් ටැංකි 99 ම ඉන්දියාවට ලියලාදුන්න. දැන් තෙල් සංස්ථාවේ සේවකයන්ට අතුල්වෙන්නවත් දෙන්නේ නෑ. මහරජා රජෙක් විදිහට මේක අපහු ගන්න හදපු නිසා තමා ඉන්දියාව මහරජාව ගෙදර යවන්න උදව් කළේ...
නාමල් බේබි Monday, 15 October 2018 02:39 AM
රෝහණ, 2003 මහ රාජෙක් හිටියෙ නෑ ලංකාවෙ.
lanka Monday, 15 October 2018 03:27 AM
තියෙනකොට මොකුත් කලේ නැහැ, දැන් කරන්න යන දෙයකුත් නැහැ, කරන අයට කරන්න දෙන්නෙත් නැහැ