(ඉන්දිකා රාමනායක)
හජ් උත්සවය වෙනුවෙන් සත්ව ඝාතන තහනම් කර තිබියදි පොලොන්නරුව තඹාල ප්‍රදේශයේ නීති නිරෝධී ගව ඝාතනාගාරයක් තුළ ගවමස් කිලෝ 1000 ට ආසන්න ප්‍රමාණයක් සමග ඝාතනය කිරීමට නියමිතව සිටි විවිධ වර්ගයේ ගවයින් 68ක් බේරාගත් බව අරලගංවිල විශේෂ කාර්ය බලකාය කියයි.
නීති විරෝධී ගත ඝාතනාගාරයේ සිටි සැකකරුවන් හත් දෙනකු අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බලකාය සඳහන් කරයි.
හජ් උත්සවය නිමිත්තෙන් සත්ව ඝාතනය තහනම් කර තිබිය දී මෙම ස්ථාන තුළ නීති විරෝධීව ගව ඝාතනය සිදුකරන බවට විශේෂ කාර්ය බලකාය වෙත ලැබුණු තොරතුරු අනුව අද (21) අලුයම 5.00 ට පමණ මෙම වැටලීම සිදුකළ බව විශේෂ කාර්ය බලකාය බවසයි.
නිලධාරීන් විසින් එම ස්ථානය වැටලු අවස්ථාවේ එහි ඝතනය කර තිබු ගවයන්ගේ මස් කිලෝ 1000 ක ප්‍රමාණයක් සහ ඝාතනය සුදානම් කර තිබු ගවයන් 68 ක් විශේෂ කාර්ය බලකාය විසින් බේරාගෙන ඇත.
බේරාගත් ගවයන් 68 දෙනා අතර ගවයන් 13 ක්, එළදෙනුන් 25 හා වසු පැටවුන් 28 ක් සිටින බව විශේෂ කාර්ය බලකාය සඳහන් කරයි.
මෙම ස්ථානය තුළ ගවයින් ඝාතනය කිරීමට කිසිදු බලපත්‍රයක් නොමැති බවද විශේෂ කාර්ය බලකාය පවසයි. අත්අඩංගුවට ගත් සැකකරුවන් හා ගවයින් වැඩිදුර පරීක්ෂණ සදහා පුලස්තිපුර පොලිසියට ඉදිරිපත් කර ඇත.
2025 දෙසැම්බර් මස 18
656
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
321
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1109
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
තඹාලේ ගව ඝාතකාරයක් වටලා 7ක් අත්අඩංගුවට
වීරවිජේ Wednesday, 21 July 2021 04:44 PM
අනේ හොඳයි.. මෙච්චර කොරෝනා ඇවිල්ලා මිනිස්සු කරන නොමියුනිස්ට් වැඩට දඬුවම් දෙද්දිත් තව තවත් මානසික රෝගී පව්කාර වැඩ අත් හරින්න මොලේ නැති හැටි...
Ruhunu Wednesday, 21 July 2021 05:55 PM
ඇයි මෙයාල පණපිටින් අල්ල ගත්තෙ.
Bamunuarachchi Friday, 23 July 2021 09:19 AM
ඕක තමයි හම්බ සංස්කෘතිය... ඕකෙන් මේ බෞද්ධ සංස්කෘතිය බේරගන්න තමයි අපි සිංහලයා දැනුවත් කරන්නේ...