IMG-LOGO

2024 සැප්තැම්බර් මස 13 වන සිකුරාදා


තිඹිල්ල වැවේ පිටවාන කැඩෙයි

(ඔගස්ටින් ප්‍රනාන්දු) 

හලාවත, තිඹිල්ල වැවේ පිටවානේ ආරක්ෂාවට යොදා තිබූ වැලි කොට්ට ජලයේ ගසා ගෙන යාම හේතුවෙන්  වැවේ ජලය මුහුදට ගලා යන බව තිඹිල්ල ගොවි සංවිධානය පැවසීය.

තිඹිල්ල වැව කුඹුරු අක්කර 500කට ආසන්න ප්‍රමාණයකට ජලය සපයයි.

තිඹිල්ල, මුන්නේශ්වරම, පාලකුලම යන වැව් තුනටම රැස්වන ජලය පිටාර ගලා යනුයේ තිඹිල්ල වැවේ පිටවානෙනි. මෙම වැවේ ස්ථිර වාන මෙයට වසර 30කට පමණ ඉහත දී ගැලූ ගංවතුරකට මුළුමණින්ම කැඩී ගිය අතර, පසුව වැලි බැම්මක් යොදා ජලය පිටාර යාම වළක්වාලන ලදි. වෙනත් වානක් පැරණි වාන අසළ ඉදි කළ බව ගොවි සංවිධානයේ ලේකම් ඩබ්ලිව්. ඒ. ලෝව් මහතා පැවසීය. නව වාන ප්‍රමාණවත් නොවන අතර එයද මේ වනවිට කැඩී ගොස් ඇතැයි ඒ මහතා කියා සිටියේය.

තිඹිල්ල වැවේ ජලය මහ වැසි ඇදහැලෙන සෑම අවස්ථාවකදීම මෙම අබලන් වානෙන් පිටාර ගලා යන නිසා තාවකාලිකව වැලි කොට්ට යොදා ජලය පිටාර ගැලීම නවතා ගන්නා බවත්, මෙවර යෙදු වැලි කොට්ට ගසාගෙන ගොස් ඇති බවත්, එම ජලය කලපුව ඔස්සේ මහ මුහුදට ගලා යන බවත් ගොවීහු පෙන්වා දුන්හ.

වැවේ ජලය මෙසේ අපතේයාම නිසා මෙවර තම කුඹුරුවලට අවශ්‍යය ජලය ඉදිරියේ දි ලබාගැනීම අසීරු වන බවත්, වසර ගණනාවක සිට තිඹිල්ල වැවේ වාන නිසි ලෙස සකස් කර දෙන ලෙස කර ඇති ඉල්ලීම් මෙතෙක් ඉටු වී නැතැයිද ඔවුහු කීහ.

මේ සම්බන්ධයෙන් තම ඒකකය වෙත දැනුම් දීමක් කර නැති බව සහ වහා මේ සම්බන්ධයෙන් අවශ්‍යය පියවර ගන්නා බව පුත්තලම ආපදා කළමනාකරණ ඒකකයේ නිලධාරියෙක් පැවසීය.



අදහස් (0)

තිඹිල්ල වැවේ පිටවාන කැඩෙයි

ඔබේ අදහස් එවන්න

දියත

කන්ටේනරයේ ගැටී අයෙක් මරුට
2024 සැප්තැම්බර් මස 13 0 0

කාර්මික දෝෂයක් හේතුවෙන් මීගමුව දන්කොටුව ප්‍රධාන මාර්ගයේ වම් පස නවතා තිබු කන්ටේනර් රථයක පසුපස ගැටීමෙන් අයෙකු අද(13)වැනි දා පෙරවරු 9.30 ට මරණයට පත් වී ඇති බව


දුම්රියේ ගැටී දෙකක් මරුට අයෙක් බේරෙයි
2024 සැප්තැම්බර් මස 13 120 0

රත්ගම විජයරත්න මාවත දුම්රිය හරස් මාරගයේ දී ඊයේ(12)වැනි දා පෙරවරුවේ කොළඹ සිට බෙලිඅත්ත බලා ධාවනය වෙමින් තිබූ දුම්රියේ ත්‍රී රෝද රථයක් හැපි දෙදෙනකු මියගොස


ආයේ කමලා එක්ක විවාදයකට යන්නේ නෑ
2024 සැප්තැම්බර් මස 13 633 0

ඩිමොක්‍රටික් ජනාධිපති ධුර අපේක්ෂිකා කමලා හැරිස් සමඟ තමන් යළි විවාදයකට නොයන බව, රිපබ්ලිකන් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.


සොරකමේ ඇවිත් ආරක්ෂකයාටත් පිහියෙන් ඇනලා
2024 සැප්තැම්බර් මස 13 196 0

රත්මලාන දුම්රිය අංගනයට සොරකමේ පැමිණි සැකකරුවකු එල්ල කළ පිහිපහරකින් දුම්රිය ආරක්ෂක අංශයේ උප පරීක්ෂකවරයකු තුවාල ලබා දකුණු කොළඹ ශික්ෂණ රෝහලට ඇතුළත් කළ


ගනේෂ් රාජාගේ සේවය අත්හිටුවයි
2024 සැප්තැම්බර් මස 13 802 0

ත්‍රිකුණාමලයේ දිසා විනිසුරු එම්. ගනේෂ් රාජා මහතාගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට අධිකරණ කොමිසම කටයුතු කර ලැබිය.


සහල් මිල දිනෙන් දින ඉහළට
2024 සැප්තැම්බර් මස 13 453 2

කතරගම, තිස්සමහාරාම ඇතුළු අවට ප්‍රදේශයන්හි කුඹුරු අස්වැන්න නෙලීම ආරම්භ කළ ද සහල් මිල දිනෙන් දින සීග්‍රයෙන් ඉහළ යන බව ප්‍රදේශවාසීහු පවසති.


මේවාටත් කැමතිවනු ඇති

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 23 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 2055 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 946 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

Our Group Site