(නිමල කොඩිතුවක්කු)
උසාවි මගින් වැරදිකරුවන් වී අච්චු කරනු ලැබූ ත‍්‍රස්තවාදීන්ට, කුඩු ජාවාරම්කරුවන්ට, මිනී මරුවන්ට, ස්ත‍්‍රී දූෂකයන්ට හා ළමා අපචාරකරුවන්ට සිය ධූර කාලය ඇතුළත කුමන ආකාරයකටවත් ජනාධිපති සමාව නොදෙන බව නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් පේ‍්‍රමදාස මහතා ගල්ගමුවේදී පැවසීය.
විපක්ෂයේ රැළියට සහභාගී වී ආපසු යමින් සිටියදී දූෂණයට ලක්වූ විශේෂ අවශ්‍යතා ඇති දැරියට ජනාධිපති තනතුරේ දිවුරුම් දුන් වහාම සර්ව සාධාරණය ඉටුකිරීමට තමන් ක‍්‍රියා කරන්නේ යැයිද සජිත් පේ‍්‍රමදාස මහතා පැවැසීය.
නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් පේ‍්‍රමදාස මහතා මේ බව සඳහන් කළේ ගල්ගමුව පොළ භූමියේ අද (11) පැවති ජන රැළියකදීය.
COMMENTS
බලාගෙන ඕව කියන කොට අරයා හිතයි එයා රෝයල් පාක් මිනිමරුවට සමාව දුන්න එක ගැන පොඩි කෝචෝක් එකකුයි මේ දාන්නේ කියල. එයා දැන් යාළුවා නේද ? තරහ කරගන්න එපා.
මෙවැනි කතා අවුරුදු 5 කට විතර කලින් ඇහුනා වගේ මතකයි.
බැංකු හොරුන්ට මොකද වෙන්නෙ ?
ඕකට ඉතින් ජනාධිපති වෙන්නම ඕනද..? පවතින්නේ තමන්ගේ ආණ්ඩුව.. තමන්ගේ ජනාධිපති, තමන්ගේ අගමැති.. දෙන්නකෝ නියෝගයක් වහාම පරීක්ෂණයක් පවත්වලා අපරාධකරුවන් අත්අඩංගුවට ගන්න කියලා..
එතකොට තාත්තා ගිය අඩිපාරේ යන්නේ කොහොමද ?
ඔය කියන්නේ මොන ධුර කාලය ගැනද?
එතකොට "නිධන් හාරපු සහ හාරන අයට" මොකද කරන්නේ? එතකොට මහජන මුදල් විනාශකළ සහ කරන දියවන්න ඔයේ 225ට (ඔහෙත් ඇතුළුව) මොකද කරන්නේ? විශ්‍රාම වැටුප් සහිතව ගෙදර ඉන්න දෙනවද සජිත් මල්ලියේ?
ගරු ඇමැතිතුමණි, මේ රටේ කාන්තාවන්ට තම නිදහසේ පාර තොටේ, කාර්‍යාලයේ, පාසලේ, බස්රියේ තනිව ගමන් කිරීමට තරම් නිදහස් වාතාවරණයක් තවම අප රටේ නැත. ඉතින් ඒ නිදහස ඇති කර දෙන්න. මේ රටේ කාන්තාවන්ට ඉපදීමටවත් අයිතිය ද පවුලක තාත්තා විසින් තීරණය කරයි. කාන්තාවන්ට දරුවෙකු ලැබෙන්නට ඉන්නවානම් ගැහැණු දරුවෙකු නම් එපා කියන තාත්තලා තමයි බහුතරයක් ඉන්නෙ.ඉතින් රට දියුණු වෙයිද ?
එතකොට බැංකු මංකොල්ලකාරයින්ට ඉඩ තිබෙනවාද?
බටලන්ද කොමිෂන් සභා වාර්තාවේ නිරදේශ ක්‍රියාත්මක කර පෙන්වනවා ද? කියමන සත්‍ය නම් එතනින් පටන් ගමු!