IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


තබ්බෝව රක්ෂිතය එළි කළ 5 ක් අත්අඩංගුවට

(ජයරත්න වික්‍රමාරච්චි)

තබ්බෝව අභයභූමියට අයත් තුත්තනේරිය ප්‍රදේශයේ රක්ෂිත පෙදෙසක් හෙලිපෙහෙලි කළ බව කියන පුද්ගලයන් පස් දෙනෙකු  බැකෝ යන්ත්‍රයක්, රෝදහතරේ මහ ටැක්ටරයක් හා යතුරුපැදි 2ක් සමග සැකපිට අත් අඩංගුවට ගත් බව කරුවලගස්වැව වනජීවී අඩවි ආරක්ෂක කාර්යාලය පැවසීය.

ලද තොරතුරකට අනුව පුත්තලම පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන්ගේද සහය ඇතිව මෙම වැටළීම සිදුකළ බවත් වනජීවී කාර්යාලය සදහන් කළේය.

වැටළීම සිදුකරන අවස්ථාව වනවිට මෙම පිරිස ඇතුළු කණ්ඩායමක් අදාළ රක්ෂිත ප්‍රදේශයේ ස්ථාන හතරක අක්කර පහක පමණ ලඳු කැලැවක් හා තෘණභූමියක්හෙළිපෙහෙළිකර ඇති බවත් වනජීවී කාර්යාලය පැවසීය.

ඔවුන් මෙසේ මෙම රක්ෂිත පෙදෙස හෙළිකරමින් සිට ඇත්තේ වගා කටයුතු සදහා යැයිද ඒ අනුව එහි ඇතැම් කොටස්වල නියරවල් පවා දමා ඇති බවද වනජීවී කාර්යාලය කියා සිටියේය.

අත් අඩංගුවට ගත් සැකකරුවන් නීලබැම්ම, ඉහළපුලියන්කුලම හා පහළපුලියන්කුලම ප්‍රදේශවලපදිංචිකරුවන් බවත්, මීට අදාළව තවත් සැකකරුවන් පිරිසක් සිටින බවට අනාවරණය වී ඇති බවත් වනජීවී කාර්යාලය පැවසීය.

පුත්තලම කලාපය බාර සහකාර වනජීවී අධ්‍යක්ෂ එරන්ද ගමගේ මහතාගේ උපදෙස් මත  කරුවලගස්වැව වනජීවී අඩවි ආරක්ෂක ඩී.රාමසිංහ මහතා ඇතුළු එම නිලධාරීහු සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරති.



අදහස් (0)

තබ්බෝව රක්ෂිතය එළි කළ 5 ක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 39 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 709 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 336 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site