(ජයරත්න වික්‍රමාරච්චි)
පවතින වර්ෂාව හා අවට ජල පෝෂක ප්‍රදේශවලින් එක්වන අමතර ජලධාරාව හේතුවෙන් අද(21) උදෑසන 7.45පමණ වනවිට තබ්බෝව ජලාශයේ වාන්දොරටු 8ක් විවෘත කළ බව පුත්තලම වාර්මාර්ග ඉන්ජිනේරු කාර්යාලය පැවසීය.
දොරටු 4ක් අඩි දෙකහමාර බැගින්ද, දොරටු 4ක් අඩි දෙක බැගින් ද විවෘත කළ බවත් එම කාර්යාලය සදහන් කළේය.
දින කිහිපයක සිට කරුවලගස්වැව හා ඒ අවට ජල පෝෂක ප්‍රදේශවලට ඇද හැළෙන වැසි හේතුවෙන් තබ්බෝව ජලාශය සීඝ්‍රයෙන් පිරී ගියේය. ඒ අනුව ඊයේ 20 දහවල් අඩි 2 බැගින් වාන්දොරටු 2ක් විවෘත කෙරිණි.
තබ්බෝවජලාශයේ වාන් මට්ටම අඩි 18ක් වන අතර, වාන් දොරටු ගණන 20කි. එසේම මෙම ජලාශයේ ජල ධාරිතාවය අක්කර අඩි 15,400කි.



2025 දෙසැම්බර් මස 30
63
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
724
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
344
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
තබ්බෝව ජලාශයේ වාන් දොරටු 8ක් අරී
Gamarala Monday, 21 October 2019 05:04 AM
නැවත නියඟයක් එන බව අමතක නොකර ජල සම්පත රැක ගනිමු.
jayarathna Monday, 21 October 2019 06:21 AM
මේ ජලාශවල ගොඩවී ඇති පස් නිසි ක්‍රමවේදයකට ගොඩදාල ජලාශ පෙර තිබූ තත්වයටට ගන්නව නම් අපතෙ යන යම් ප්‍රමාණයක් ජලය රදවගන්න පුළුවන්. එහෙම වුණොත් කන්නපුරාම වගාකරන්න අඩුවක් නැතිව ජලය තියෙනවා. නමුත් ඒක නෙමේනෙ කරන්නෙ. වැලිහොයන එකනෙ