
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
යුග දනවි ගිවිසුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නැයි හිටපු අග්‍රාමාත්‍ය කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා (එජාප) පාර්ලිමේන්තුවේ දී අද (8) පැවසීය.
ශ්‍රී ලංකා ජනාධිපතිවරයාද සහභාගී වූ ඉතා වැදගත් සමුළුවක් වන වන ග්ලාස්ගෝ සමුළුවෙි අවසන් නිගමන සහිත ලිපි ලේඛන නිකුත් කර ඇති හෙයින් එහි සිංහල දෙමළ පරිවර්තන සහිතව සභාගත කරන්නැයි ද හිටපු අග්‍රාමාත්‍යවරයා මෙහිදී ඉල්ලා සිටියේය.
"යුගදනවි ගිවිසුම දැන් රටේ විශාල ප්‍රශ්නයක් වෙලා. අපේ පක්ෂයෙන්ද තාම ස්ථාවරයක් ගෙන නැහැ.ගිවිසුම පරීක්ෂාකර ස්ථාවරය කිව යුතුයි. පක්ෂ තුන හතරක්ම තවම ස්ථාවරයක් ගෙන නැහැ.
COMMENTS
ඇයි රජය මෙච්චර මුරණ්ඩු?
යුගදනවි ගිවිසුම සම්බන්ධව ඇමෙරිකානු සමාගමටත් ලංකාවේ ජනතාවට කරුණු පැහැදිලි කිරීමට අවස්ථාවක් දෙන්න...
ඒක සුදා බෑග් එකේ දාගෙන ඇමෙරිකාවට ගිහිල්ලා සර්...!!!
තමන්ගේ කාලේ පනත් සම්මත කර ගනිපු හැටි අමතකයි නේද?
තමන් රටට කිසිවක් කලෙත් නැහැ කරන කෙනෙකුට කරන්න දෙන්නෙත් නැහැ. පුදුම අපතයෝ.