දහස් ගණනක් වටිනා තැපැල් සොරකම් කිරිමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ තැපැල්කරුවකු ලෙස සේවය කළ ලාංකිකයකුට එරටින් පිටවන ලෙස නියෝග කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මෙලෙස රටින් පිටව යන ලෙස එරට අධිකරණයෙන් නියම කෙරුණේ ප්‍රදීපන් ලෝගනාදන් 29 හැවිරිදි ලාංකිකයකුටය.
2012 වර්ෂයේ දී බෝට්ටුවෙන් ඔහු ඕස්ට්‍රේලියාවට ගොස් තිබේ. වසර 4 ක් පුරා ලියුම් බෙදන්නෙකු ලෙස ඔහු ඕස්ට්‍රේලියාවේ සේවය කර ඇත.
ඩොලර් 5000 කට අධික වටිනාකමින් යුත් ඉලෙට්‍රෝනික උපකරණ සහ ජංගම දුරකථන අතුරුදන් වී ඇති බවට ඔහුට එරෙහිව චෝදනා එල්ල වී ඇති බව පැවසේ.
(28535)

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.