
(පුෂ්පකුමාර මල්ලවආරච්චි)
කොරෝනා වසංගතය පැවති කාල සීමාවේ තැපැල් මාර්ගිකව ලැබුණු බෙහෙත් භාවිතා කිරීමෙන් පසු දැඩි ලෙස රෝගාතුරව දෑස් නොපෙනෙන තත්ත්වයකට පත්ව තවමත් ප්‍රතිකාර ලබන තම පුත්‍රයා වෙනුවෙන් සාධාරණයක් ඉෂ්ට කරන ලෙස දෙමව්පියෝ බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.
මෙසේ රෝගාතුරව සිටින්නේ මීරිගම හිරුවල වැවහේනවත්ත පදිංචි 16 හැවිරිදි පාසල් සිසුවෙකි. ඔහු කල්එළිය ද්වීතික කනිෂ්ඨ විද්‍යාලයේ 11 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලැබිණි.
මෙම සිසුවා මාස 18 ක් තිස්සේ රෝගී තත්ත්වයක් හේතුවෙන් මීරිගම මූලික රෝහලේ සායනිකව ප්‍රතිකාර ලබමින් සිටි බවද කොරෝනා සමයේ රෝහලට නොගිය අතර තැපැල් මගින් ලැබුණු බෙහෙත් භාවිතා කළ බවද දරුවාගේ පියා වන කේ.ඒ. අනිල් කපිල කුමාර මහතා සදහන් කරයි.
තැපැල් මගින් ලැබුණු බෙහෙත් භාවිතා කරන අතරේ දරුවා දැඩි ලෙස අසනීප වූයෙන් මැයි මස 1 දින පුතා වතුපිටිවල මූලික රෝහලට ඇතුලත් කළ බවද ඔහු සඳහන් කරයි.
දරුවාට ලබාදුන් බෙහෙතක් විසවීමෙන් මේ හදිසි රෝගී තත්ත්වය උදාවී ඇති බව එහිදී දැනගන්නට ලැබුණු බවත් ශල්‍යකර්ම හයකට ලක් කළ බවද පියා පැවසීය.
ක්‍රම ක්‍රමයෙන් පුතාගේ ඇස් පෙනීම දුර්වල වූ බවත් මේවනවිට පෙනීම නැතිවී ඇතැයි ද මාස දෙකකට වැඩි කාලයක් වතුපිටිවල රෝහලේ ප්‍රතිකාර ලැබූ පුතා මේවනවිට කොළඹ අක්ෂි රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටින බවද පියා සදහන් කළේය.
වැරදි බෙහෙත් නිකුත් කෙරුණේ කෙසේද කවුරුන් විසින්ද යන වග හෙළි කර ගැනීමටත් ඒ සදහා වගකිවයුත්තේ කවුරුන් දැයි අනාවරණය කර ගැනීමටත් විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලා දරුවාගේ මව ටී.ඒ. කේ.සුජාතා මැණිකේ මහත්මිය මීරිගම පොලිසියට පැමිණිල්ලක් ද කර තිබේ.
මීරිගම මුලික රෝහලේ වෛද්‍ය අධිකාරි ජයන්ත අභයරත්න මහතා සදහන් කළේ විශේෂඥ වෛද්‍යවරුන් පිරිසකගෙන් යුත් කණ්ඩායමක් මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන බවයි.
2025 දෙසැම්බර් මස 30
110
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
746
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
370
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
තැපෑලෙන් ආ බෙහෙත් බී දෑස් නොපෙනී ගිය පුතුට සහනයක් සොයයි