IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


තැපෑලට වාර්තා ගත ආදායමක්

(ඩයනා උදයංගනී)

ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව ඉතිහාසයේ ඉපයූ වැඩිම මුදල අද (22) වාර්තා කළ බව තැපැල්පති රංජිත් ආරියරත්න මහතා පවසයි.

රුපියල් කෝටි 28කට අධික (රුපියල් මිලියන 284ක්) මුදලක් තැපැල් දෙපාර්තමේන්තුව අද දින උපයා ඇතැයි කී තැපැල්පතිවරයා ඉන් රුපියල් කෝටි 22ක්ම විදුලි බිල් අයකිරීම් මගින් ලබාගත් බව සඳහන් කරයි.

මීට අමතරව ඊයේ (21) දිනයේදීද තැපැල් දෙපාර්තමේන්තුව රුපියල් කෝටි 22කට වැඩි ආදායමක් ඉපයූ බව කී රංජිත් ආරියරත්න මහතා ඉන් රුපියල් කෝටි 15ක් විදුලිබිල් මගින් ලැබී ඇතැයි ද කීවේය.

ලංකා විදුලිබල මණ්ඩලයේ, ජල සම්පාදන මණ්ඩලයේ බිල්පත් ගෙවීමට පැමිණි අය කළ ගෙවීම්ද ඇතුළුව ආයතන 18ක් වෙනුවෙන් තැපැල් දෙපාර්තමේන්තුව මෙම ආදායම් උපයා ඇතැයි ද තැපැල්පතිවරයා කීවේය.

දෙපාර්තමේන්තුව වැඩිම ආදායම් ලැබූ දෙදින ලෙස මෙම දින දෙක ඉතිහාසයට එක්වන බව කී ආරියරත්න මහතා සාමාන්‍යයෙන් තැපැල් දෙපාර්තමේන්තුව දෛනිකව උපයන මුදල රුපියල් කෝටි 14 ත් 15ත් අතර වන බව ද පැවසීය.

සංචරණ සීමා පැවති කාලයේදී විදුලි, ජල බිල්පත් ගෙවීමට නොහැකිව සිටි පිරිස් සංචරණ සීමා ඉවත් කළ වහාම පැමිණ එම බිල්පත් ගෙවීම මෙම ආදායම ලැබීමට හේතු වූ බව ද ඔහු සඳහන් කළේය.

තැපැල් දෙපාර්තමේන්තුව මේ දිනවල මුද්දර, පාර්සල් බෙදාහැරීම ආදී සේවා මගින්ද වෙනදාට වැඩි ආදායමක් හිමිකරගෙන ඇතැයි තැපැල්පතිවරයා කීය.

එමෙන්ම රෝහල්වල ඖෂධ බෙදාහැරීම යටතේ තැපැල් දෙපාර්තමේන්තුව කොවිඩ් පළමු හා දෙවනි රැලි පැවති කාලයේදී ඖෂධ පාර්සල් ලක්ෂ 17ක් බෙදූ බව කී රංජිත් ආරියරත්න මහතා තෙවැනි රැල්ල ආරම්භවීමෙන් පසුව ද මේ වන විට ඖෂධ පාර්සල් 75,000ක් බෙදා ඇතැයි සඳහන් කළේය.

 



අදහස් (9)

තැපෑලට වාර්තා ගත ආදායමක්

chandima Tuesday, 22 June 2021 08:05 PM

බිල් ගෙවපුවා කොහොමද ආදායමක් වෙන්නේ.ඒවා ඒ ආයතනවලට ගෙවන්න වෙන්වා නේද?

:       4       427

නුවන් වික්‍රමසිංහ Wednesday, 23 June 2021 02:48 AM

ආදායම සහ ලාභය. ගමේ කඩේ අරන් බලන්න, ඒකේ විකුණන්නේ මුදලාලි නිෂ්පාදනය කරපු දේවල් නෙවෙයි. දවස අවසානයේ ගණනය කරන්නේ සම්පූර්ණයෙන්ම ලැබුණු මුදල. ඒක තමයි දවසේ ආදායම. මෙයින් පිරිවැය ඉවත් කළාම ලාභය ලැබෙනවා. මේ ලිපියේ සඳහන් වෙන්නේ ඒ දවසේ ලැබුණු සම්පූර්ණ මුදල. ඒ කියන්නේ ආදායම. තැපැල් දෙපාර්තමේන්තුවට ලැබුණු ලාභය බලන්න මේ ආදායමෙන් පිරිවැය ඉවත් කළාම හරි...

:       0       0

CNW PATHI Tuesday, 22 June 2021 08:49 PM

විහිළු .. වෙනත් දින වැසී තිබූ බැවින් මේ දිනවල බොහෝ දෙනෙක් පැමිණියහ.

:       0       0

Sunil Wednesday, 23 June 2021 06:31 AM

ඒකත් දෛනික මරණ සංඛ්‍යාව වගේම ප්‍රෝඩාවක්...

:       0       1

මුණසිංහ Wednesday, 23 June 2021 07:06 AM

විශ්ව විද්‍යාල අයැදුම්පත් යැවීමේ මුද්දර ආදායම උඩින් ම ඇති.

:       0       0

Nuwan Wednesday, 23 June 2021 11:23 AM

මේ ආන්ඩුවේ ආයතන ආදායම ගනනය කරන්නේ ඔලුවෙන් හිටගෙන

:       0       1

ලලිත් එම් Wednesday, 23 June 2021 11:30 AM

ආදායම කියලා තියෙන්නේ ලාච්චුවට ආපු සල්ලි ටික. විදුලි බිලට හම්බ වෙන කොමිස් එක නම් ආදායමක්. ඒත් සීයට තුනක් ඇති වැඩිම උනොත්.

:       0       1

saman Wednesday, 23 June 2021 12:22 PM

ඔය කියන්නේ විදුලි බල මණ්ඩලයේ ආදායම වෙන්න ඇති. තැපෑලේ ආදායම එක බිලකින් අය කරන කොමිස් මුදල නේද? වැරැදුණේ කොතනද බලන්න..?

:       0       0

තිලක් Wednesday, 23 June 2021 01:17 PM

මේවන් පුවත් ලියන අයත් මේවා පරීක්ෂා කර අනුමත කරන අයද පරිස්සම් විය යුතුයි.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 110 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 747 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 370 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site