(රොමේෂ් මධුෂංඛ)
තෛපොංගල් දිනය නිමිත්තෙන් 14 වැනි සඳුදා දිනයේදී උතුරේ සියලුම පාසල් වසා දැමීමට පියවර ගෙන ඇති බව උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යලය අද (11) නිවේදනයක් නිකුත් කර තිබේ.
උතුරු පළාත් ආණ්ඩුකාර සුරේන් රාඝවන් මහතා උතුරු පලාත් අධ්‍යාපන ලේකම් ඇතුළු නිලධාරීන් සමඟ සිදු කරන ලද සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය ගෙන ඇත.
දෙමළ ජනතාවගේ වසරේ ප්‍රධානම සැමරුමක් වන තෛපොංගල් දිනය සැමරීමට සූදානම් වීම වෙනුවෙන් උතුරේ පාසල් සඳහා තෛපොංගල් දිනට පෙර දිනය නිවාඩු දිනයක් ලෙසට නම් කොට ඇති අතර නිවාඩු දෙන සඳුදා දිනය වෙනුවට සතියේ වෙනත් නිවාඩු දිනයක උතුරේ සියලුම පාසල් කටයුතු පැවත්වීමට දිනයක් දැනුම් දෙනු ලබන බවටද උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලය පලාත් අධ්‍යාපන කාර්යාල හා කලාප අධ්‍යාපන කාර්යාල වෙත දැනුම් දී ඇත.
COMMENTS
ඉස්කෝල හැමදාම වහලා දාන්නකෝ... අපිට මොකද කියලා බලන්න... දකුණේ ඉස්කෝල වහන්න එපා අනවශ්‍ය හේතුන් උඩ...
බමුණු මහත්තයෝ. තමන්ගේ ප්‍රධානතම උත්සවයක් බැවින් උතුරේ පාසල් වැසීම මම දකින හැටියට වැරැද්දක් නැහැ. පාසල් පැවොත්තුවොත් වෙන්නේ ඉගෙන ගන්න පාසල් ළමයින් වැඩි ප්‍රතිශතයක් පාසල් නොපැමිණීමයි. එයින් ගුරුවරු සහ පාසල් ළමයින් අමාරුවේ වැටීමයි. ඒ එක්කම මෙතරම් කුහක බව මම දැන ගත්තේ අදයි.
මම දන්න විදිහට තෛපොංගල් දිනය රජයේ නිවාඩු දිනයක් ඉතින් ඇයි අලුතින් පාසල් වහන්නේ...