
(චාපා මධුභාෂිණී)
උණු කළ එළකිරි භාජනයකට වැටී බරපතල පිළිස්සුම් තුවාල ලබා සිටි තුන් හැවිරිදි දැරියක සිද්ධියෙන් දින 13කට පසු මිය ගොස් ඇතැයි පොලිසිය කියයි.
මෙලෙස මරණයට පත්ව ඇත්තේ මැදිරිගිරිය ට්‍රැක් 8 ප්‍රදේශයේ පදිංචි ඒච්.එම් ඔනාරා හිමයංගි නමැති කුඩා දැරියකි.
දැරයගේ මිත්තනිය බාරයේ සිටි මෙම දැරිය අයිස්ක්‍රීම් නිෂ්පාදනය සඳහා විශාල භාජනයක උණු කළ එම එළකිරි භාජනයට සෙල්ලම් කරමින් සිටි මෙම කුඩා දැරිය වැටී ඇතැයි පොලිසිය කියයි.
සිද්ධිය සිදු වූ අවස්ථාවේම නිවැසියන් මෙම දැරිය මැදිරිගිරිය මූලික රෝහලට ඇතුලත් කර ඇති අතර ඒම අවස්ථාවේම වැඩිදුර ප්‍රතිකාර සඳහා දැරිය කොළඹ ජාතික රෝහලට වෙත මාරු කර යවා ඇත.
කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ දින 13ක් ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහ එවුන්ගේ නොසැලකිල්ල..., දරුවාට නිවන් සුව පතමි.
අනේ පව්, දරුවන් ගැන සැලකිල්ලෙන් සිටිය යුතුයි.
හරිම ශෝචනීය සිදුවීමක්..., මතු ආත්මයකදීවත් මෙවන් අකල් මරණයක් නොමවේවා...!!! මෙම අහිංසක කිරි සප්පයාට...