
(ඉන්දිකා රාමනායක)
පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්තිඩිය සහ නාරම්මල යන ප්‍රදේශවල දී සිදුකළ සුවිශේෂ වැටලීම් දෙකකින් රුපියල් එක්කෝටි විසිපන් ලක්ෂයකට අධික වටිනා හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය සමග සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බලකාය කියයි.
මෙම වැටලීමෙන් හෙරොයින් ග්‍රෑම් 430 ක් සහ අයිස්මත්ද්‍රව්‍ය ග්‍රෑම් 805ක ප්‍රමාණයක් අත්අඩංගුවට ගත් බව ද විශේෂ කාර්ය බලකාය සඳහන් කරයි.
විශේෂ කාර්ය බලකාය හෙළිකර ගත් සාර්ථක තොරතුරක්ඩි අනුව පෙරේදා (22) අත්තිඩිය ප්‍රදේශයේදී පදිංචි (32) හැවිරිදි සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන ඇති අතර සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 400ක්, ජංගම දුරකථනයක්, හෙරොයින් එතීමට භාවිතා කරන කඩදාසි බන්ඩල් දෙකක්,
සොයාගත් බව විශේෂ කාර්ය බලකාය පවසයි.
ඔහු සතුව හෙරොයින් ජාවාරමෙන් උපයා ගත් බවට සැක කරන 95000ආසන්න මුදලක් ද තිබු බව විශේෂ කාර්ය බලකාය පවසයි,
මේඅතර නාරම්මල ප්‍රදේශයේ දී ප්‍රදේශයේදී මෝටර් රථයකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකු පරික්ෂා කිරීමේදී එම සැකකරු සතුව හෙරොයින් ග්‍රෑම් 30 ක්, අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 805 ක ප්‍රමාණයක් තිබූ බව ද විශේෂ කාර්ය බලකාය සඳහන් කරයි.
සැකකරු කඳාන ප්‍රදේශයේ පදිංචි (49) හැවිරිදි පුද්ගලයෙක් බවද පැවසේ.
ඔවුන් දෙදෙනාම වැඩිදුර පරීක්ෂණ සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට භාර දී ඇත.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd