(ඩයනා උදයංගනී)

මධ්‍යම, සබරගමුව, දකුණු සහ ඌව පළාත්වලත්, කළුතර දිස්ත්‍රික්කයේත් සවස 2.00න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණයක් පවතින බව එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් පැවසීය.

ගිගුරුම් සහිත වැසි සමඟ තාවකාලික තද සුළං හා අකුණු අනතුරු ඇතිවිය හැකි බැවින් අනතුරු අවම කරගැනීමට ක්‍රියා කළ යුතු බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.