(අංජුල මහික වීරරත්න)
ඉදිරියේදී එක්සත් ජාතික පෙරමුණ පමණ නොව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ශ්‍රී ලංකා පොදු පෙරමුණු මන්ත්‍රීවරු කිහිප දෙනකුද එකතු කරගෙන තුනෙන් දෙකක බලයක් සහිත ආණ්ඩුවක් පිහිටුවන බව අකිල විරාජ් කාරියවසම් මහතා අද (29) පැවසීය.
අරලියගහමන්දිරයේදී අද පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේ බව පැවසීය.
මේ අවස්ථාවේදී නීතීය කඩමින් ක්‍රියා කළ අයට දඩුවම් විදීමට සුදානම් වන ලෙසද එහිදී හෙතෙම සඳහන් කළේය.
එමෙන්ම ප්‍රජාතන්ත්‍රවාදී විරෝධි ආණ්ඩුවට එරෙහිව විරෝධය පළ කිරීමට හෙට (30) දහවල් 12 ට කොල්ලුපිටිය ලිබර්ටි වට රවුමට එන්නැයි එජාපය ජනතාවට ආරාධනා කළ අතර ලක්ෂ ගණනින් කොළඹට ජනතාව ගෙනවිත් ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීමට හඩ නඟන බවද පැවසීය.
COMMENTS
ඔව් ඔව් අපි දන්නවා තුනෙන් දෙකකට ලොකු බලයක් තිබෙනවා ඒක තලා ගත්තොත් පුස්සක් වෙනවා.
රනිල් තුනෙන් දෙක නැති කරගෙන බොහොම කල්.
පිහිටවගත්තු එක වත් රැක ගන්න බැරුව කයිවාරුවල නම් අඩුවක් නැහැ.
තාමත් මමයි අගමැති කියන රනිල්ගේ කයිවාරුව මෙයාගේ කතාවෙන් පුස්සක් වෙනවා නේද?
රනිල් තුනෙන් දෙක නැති කරගෙන බොහොම කල් - මේ අය ජනාධිපති පුටුවේ ඉන්නකම් ඔහොම තමයි. මෙච්චරකල් බැන බැන ඉඳලා දැන් හොඳ වෙලා.
නව අගමැතිගේ ප්ලෑන් එක පොඩ්ඩක් ගැස්සිලා වගේ පේන්නේ මට විතරද?
මෝඩ චුන් එකේ තාමත් ඉන්න පොහොට්ටු ගොබ්බයින් තාමත් දන්නේ නෑ චණ්ඩිකමට අගමැති වුණාට පාර්ලිමේන්තුව තියන්න බය ඇයි කියලා... දැනටමත් 128ක් මන්ත්‍රී ලියුමක් මගින් පාර්ලිමේන්තුව තියන්න කියල ඉල්ලලා බව දන්නේ නැද්ද? කකුළුවා නටන්නේ හැලියේ වතුර රත් වෙනකන් විතරයි.. අායිත් මහින්ද නාගත්තා මෛත්‍රිෙග් ලණු ගිලලා...
හලෝ ඔබලා හෝ ඔබලාගේ මෙතන ලියන එක හෙන්චයියෙක් ජනාධිපති ඔහුගේ කතාවේ කීව එකදු වැකියක්වත් බොරු කීවාද? ඒවා බාරගත්තා නේද? එහෙම නම් රටේ පුරවැසියන් හැටියට තවත් රනිල්ගේ නැට්ටේ එල්ලෙන්නේ මොන මගුලකටද?
සිත නිවන කතා...
එදත් ඔබතුමන්ලා බලේ පෙන්න පෙන්න හිටියා මිසක මොනවද කලේ.
තුනෙන් දෙකක බලයක් තිබුනොත් කොහොමට හිටිවිද? අටවා ගත්ත යහපාලන මගුල මෙහෙම හොර ගුහාවක් නම් තුනෙන් දෙකක් තිබුනොත් උතුරු නැගෙනහිර කොටියට දිලා සිංහල ජාතියයි සම්බුදු සසුනයි නැත්තටම නැති කරාවි.