IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


තුනෙන් දෙකක බලයක් සහිත ආණ්ඩුවක් පිහිටුවන බව අකිල කියයි


(අංජුල මහික වීරරත්න) 


ඉදිරියේදී එක්සත් ජාතික  පෙරමුණ  පමණ නොව  ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා  ශ්‍රී ලංකා පොදු පෙරමුණු මන්ත්‍රීවරු කිහිප දෙනකුද එකතු කරගෙන තුනෙන් දෙකක බලයක් සහිත ආණ්ඩුවක් පිහිටුවන බව අකිල විරාජ් කාරියවසම් මහතා අද (29) පැවසීය.

අරලියගහමන්දිරයේදී  අද පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අමාත්‍යවරයා  මේ බව පැවසීය.

මේ අවස්ථාවේදී නීතීය කඩමින් ක්‍රියා කළ අයට දඩුවම් විදීමට සුදානම් වන ලෙසද එහිදී හෙතෙම සඳහන් කළේය.

එමෙන්ම  ප්‍රජාතන්ත්‍රවාදී  විරෝධි ආණ්ඩුවට එරෙහිව විරෝධය පළ කිරීමට හෙට (30) දහවල් 12 ට  කොල්ලුපිටිය ලිබර්ටි වට රවුමට එන්නැයි එජාපය ජනතාවට ආරාධනා  කළ අතර ලක්ෂ ගණනින්  කොළඹට  ජනතාව ගෙනවිත්  ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීමට හඩ නඟන බවද පැවසීය.



අදහස් (14)

තුනෙන් දෙකක බලයක් සහිත ආණ්ඩුවක් පිහිටුවන බව අකිල කියයි

Bamunuarachchi Monday, 29 October 2018 05:53 AM

ඔව් ඔව් අපි දන්නවා තුනෙන් දෙකකට ලොකු බලයක් තිබෙනවා ඒක තලා ගත්තොත් පුස්සක් වෙනවා.

:       149       235

Bamunuarachchi Monday, 29 October 2018 05:54 AM

රනිල් තුනෙන් දෙක නැති කරගෙන බොහොම කල්.

:       163       211

Cisco Monday, 29 October 2018 05:58 AM

පිහිටවගත්තු එක වත් රැක ගන්න බැරුව කයිවාරුවල නම් අඩුවක් නැහැ.

:       83       156

Vajira Monday, 29 October 2018 06:19 AM

තාමත් මමයි අගමැති කියන රනිල්ගේ කයිවාරුව මෙයාගේ කතාවෙන් පුස්සක් වෙනවා නේද?

:       82       109

sandy Monday, 29 October 2018 06:19 AM

රනිල් තුනෙන් දෙක නැති කරගෙන බොහොම කල් - මේ අය ජනාධිපති පුටුවේ ඉන්නකම් ඔහොම තමයි. මෙච්චරකල් බැන බැන ඉඳලා දැන් හොඳ වෙලා.

:       41       77

bamunuarachchiMonday, 29 October 2018 07:08 AM

දේශපාලනයේදී අපි ඒ අයට හොඳ වෙන්නේ නැත. ඒ අය අපිට හොඳ වුනොත් මිසක්... සිරිසේන ජනාධිපති අපි බලාපොරොත්තු වූදේ කළ නිසා තමයි අපිට එයා දැන් හොඳ වෙලා තිබෙන්නේ. නැතිනම් 2020 වෙනතුරු අයියෝ සිරිසේන තමයි. ජනාධිපතිගේ කතාවේ කියවුණු විදිහට ආණ්ඩුව සුපිරි පැලැන්තියේ සෙල්ලම් පිටියක් වෙලා තිබුනේ. වටේඉන්න හෙන්චයියලාට කටු විසිකරමින් ඔවුන් හොඳට රට කෑවා...

:       101       144

appuhami Monday, 29 October 2018 06:20 AM

නව අගමැතිගේ ප්ලෑන් එක පොඩ්ඩක් ගැස්සිලා වගේ පේන්නේ මට විතරද?

:       49       337

Suwaris Monday, 29 October 2018 06:56 AM

විපක්ෂ නායකකම තියෙනවා.

:       6       25

nishantha Monday, 29 October 2018 06:57 AM

මෝඩ චුන් එකේ තාමත් ඉන්න පොහොට්ටු ගොබ්බයින් තාමත් දන්නේ නෑ චණ්ඩිකමට අගමැති වුණාට පාර්ලිමේන්තුව තියන්න බය ඇයි කියලා... දැනටමත් 128ක් මන්ත්‍රී ලියුමක් මගින් පාර්ලිමේන්තුව තියන්න කියල ඉල්ලලා බව දන්නේ නැද්ද? කකුළුවා නටන්නේ හැලියේ වතුර රත් වෙනකන් විතරයි.. අායිත් මහින්ද නාගත්තා මෛත්‍රිෙග් ලණු ගිලලා...

:       296       505

BamunuarachchiMonday, 29 October 2018 08:33 AM

රටගැන හිතන මිනිස්සු ටිකක් මේපැත්තට ගන්න තුරු පාර්ලිමේන්තුව කල් දැමිය යතුය.

:       0       7

Bamunuarachchi Monday, 29 October 2018 07:12 AM

හලෝ ඔබලා හෝ ඔබලාගේ මෙතන ලියන එක හෙන්චයියෙක් ජනාධිපති ඔහුගේ කතාවේ කීව එකදු වැකියක්වත් බොරු කීවාද? ඒවා බාරගත්තා නේද? එහෙම නම් රටේ පුරවැසියන් හැටියට තවත් රනිල්ගේ නැට්ටේ එල්ලෙන්නේ මොන මගුලකටද?

:       382       290

lakshman Monday, 29 October 2018 07:28 AM

සිත නිවන කතා...

:       21       85

isurandi Monday, 29 October 2018 08:18 AM

එදත් ඔබතුමන්ලා බලේ පෙන්න පෙන්න හිටියා මිසක මොනවද කලේ.

:       0       0

abey Monday, 29 October 2018 09:13 AM

තුනෙන් දෙකක බලයක් තිබුනොත් කොහොමට හිටිවිද? අටවා ගත්ත යහපාලන මගුල මෙහෙම හොර ගුහාවක් නම් තුනෙන් දෙකක් තිබුනොත් උතුරු නැගෙනහිර කොටියට දිලා සිංහල ජාතියයි සම්බුදු සසුනයි නැත්තටම නැති කරාවි.

:       39       80

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 689 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 329 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1116 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site