(ඩයනා උදයංගනී)

පළාත් කිහිපයකට අද (4) සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ දී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

සබරගමුව, මධ්‍යම, දකුණ, බස්නාහිර සහ ඌව පළාත්වල මෙසේ වැසි ඇතිවන අතර ඇතැම් ස්ථානවල මිලිමීටර 75 ට වැඩි තරමක තද වැසි ඇතිවන බව එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් පැවසීය.

දකුණු වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේ ද වැසි ඇතිවිය බව එම ප්‍රකාශකයා සඳහන් කළේය.

බස්නාහිර, ඌව, මධ්‍යම සහ සබරගමුව පළාත්වල උදෑසන කාලයේ මීදුම් සහිත තත්වයක් පවතින බව එම ප්‍රකාශකයා සඳහන් කළේය