(නාලක සංජීව දහනායක)
පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සම්බන්ධයෙන් ගොනුකර ඇති පෙත්සම් පිළිබඳ තීන්දුව අප්‍රමාදව ලබාදෙන ලෙස නීතිපතිවරයා මාර්ගයෙන් අගවිනිසුරුවරයාගෙන් ඉල්ලීමක් කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයන් සමඟ අද (10) පැවැත්වූ සාකච්ඡාවේදී පවසා ඇතැයි ආරංචි මාර්ගවලින් පැවැසේ.
ජනාධිපතිවරයාත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයන් අතර ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා එසේ පැවැසූ බව එම සාකච්ඡාවට සහභාගි වූ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය.
මෙම සාකච්ඡාව සඳහා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ඡී.එල්.පීරිස් සහ නිමල් සිරිපාල ද සිල්වා , වාසුදේව නානායක්කාර,විමල් වීරවංශ යන මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගී වී තිබේ.

COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.