(තරිඳු ජයවර්ධන)

පුත්තලම සිට මන්නාරම සිලාවතුර ප්‍රදේශයට පුද්ගලයින් ප්‍රවාහණය කරමින් තිබූ ලංගම බස් රථයකට අද අලුයම තංතිරිමලේ බෝගොඩ සපත්තු පාලම අසලදී කිසියම් පිරිසක් ගල් ගසා වෙඩි ප්‍රහාරයක් එල්ල කර ඇතැයි කියමින් ලැබුණු පැමිණිල්ලක් මත පොලිසිය විමර්ශන ආරම්භ කර තිබේ.

සෙට්ටිකුලම පොලිසියට ලැබුණු එම පැමිණිල්ල තන්තිරිමලේ පොලිසියට යොමු කර ඇති අතර පොලිසිය කළ ස්ථාන පරීක්ෂාවකදී පෙනී ගොස් ඇත්තේ සිවිල් ආරක්ෂකයන් සිටින කුටියක් ද ඊට නුදුරින් තිබී ඇති බවයි.

මේ වන තෙක් සැකකරුවන් අත්අඩංගුවට ගෙන නැතැයි පොලිසිය කියයි.