
(ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක)
අභාවප්‍රාප්ත ආරුමුගම් තොණ්ඩමන් මහතාට අයත්ව තිබූ, කොත්මලේ පොලිස් වසමේ, වැවන්ඩන් තේ වතුයායේ පිහිටි නිවස අද (18) අලුයම හටගත් ගින්නකින් සම්පූර්ණයෙන් දැවී විනාශයට පත්ව ඇති බව පොලීසිය පවසයි.
ගින්න ඇති වන අවස්ථාවේ එහි කිසිවෙක් නොසිට ඇති අතර නුවරඑළිය නගර සභාවට අයත්ගිනි නිවන ඒකකය පැමිණ පැය 03 කට පමණ පසුව ගින්න නිවා දමා ඇත.
ගින්නට හේතුව විදුලි කාන්දුවක්ද නැතිනම් වෙනත් හේතුවක්ද යන්න මෙතෙක් අනාවරණය වී නොමැත. සිද්ධිය සම්බන්ධයෙන් කොත්මලේ පොලීසිය පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර ඇත.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ප්‍රශ්නයක් නෑ.. එක්කෝ ලොකු වන්දියක් ගෙවාවි.. නැත්නම් හමුදාවෙන් හදලා දේවි..
ප්‍රත්‍රයාට අලුත් නිවසක් ඕනෑවී ඇති...