(නාලක සංජීව දහනායක)
දැනට භාවිත වන බස්රථ වෙනුවට පහත මට්ටමේ තට්ටුවක් සහිත බස් රථ (Low Floor bus) ගෙන්වීමට මගී ප්‍රවාහන කළමණාකරණ විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය තීරණය කර තිබේ.
මෙම වසරේදී එම වර්ගයේ බස් රථ 2000ක් පමණ ගෙන්වීමට තීරණය කර ඇති බව අමාත්‍යංශයේ ප‍්‍රකාශකයෙක් පැවැසීය.
තට්ටුව පහත් බස්රථවලට ගොඩවීම පහසුවන අතර එම බස් රථවල ඉඩ පහසුකමද සාමාන්‍ය බස් රථවලට වඩා වැඩි බවද හෙතෙම සඳහන් කළේය.
පෞද්ගලික අංශය වර්තමානයේදී මෙරටට ගෙන්වන්නේ ලොරි තට්ටුවක් බස් රථයක් සේ සකස් කළ බස්රථ බවත් ඒවායේ ගමන් කිරීමේදී හා ගොඩවීමේදී මගින් බොහෝ දුෂ්කරතාවයන්ට මුහුණ දෙන බවද ඔහු කීය.
එබැවින් ඉදිරියේදී එවැනි බස්රථ ගෙන්වීම නතර කර පතුල් පහත් බස් රථ ගෙන්වීමට අවසර ලබාදීමට රජය තීරණය කර තිබෙන බවද එම ප‍්‍රකාශකයා සඳහන් කළේය.


COMMENTS
ඕක ලංකාවේ පාරවල්වල ගොඩැලි සහිත පාරවල්වලට ගැලපෙනවාද? දැනට අපේ රටේ තියෙන ලොකුම ප්‍රශ්නේ මේකද? හොඳයි කියමු බලන්න කාටද කොමිස් කුට්ටිය යන්නේ කියලා...?
මෙම බස් මිලදීගෙන ඇත්තේ පසුගිය රජයෙන් නේද? කොළඹ සැහැල්ලු දුම්රිය පටන්ගත්තෙත් මේ රජයෙන් කියලා ඊළඟට කියයි.
ගිය ආණ්ඩුව කාලේ නේද මේ වසරේ සිට මේ විදියේ බස් ගේන්න තීරණයක් ගත්තාය කියලා පුවත් නිකුත් කරලා තිබුනේ? තවත් තිබුණා ලොරි චැසි බස් නොවේ.... බස් චැසි බස් පමණයි ගෙන්නන්න දෙන්නේ කියලත්. අපි ඉතිහාසය ගැන සෙවිල්ලෙන් ඉන්නේ...
තට්ටුව පහත් බස් හොඳයි. ඒ වගේම ලංකාවේ පාරවල් වල පළලට හරියන ප්‍රමාණයේ බස්ද වුණොත් හොඳයි. දැනට තියෙන අසෝක් ලේලන්ඩ් බසුයි අනෙකුත් බසුයි ලොකු වැඩියි. මිනිස්සු හැප්පිලා මැරෙන එක අහන්න දෙයක්ද?
මේක යහපාලන රජයේ ගත් තීරණයක්. ඒ අනුව නියමු බස්රථ පවා ගෙනත් දැනටත් ධාවනය වනවා. මේ ඊයේ, පෙරේදා ආපු ඈයෝ කරපු දෙයක් නැහැ. එළවලු මිල අහස උසට. එව්වා ගැන කතාබහක් නැහැ...
මේවා අහලා පණ යනවා. බුදු මහත්තයෝ තවත් නම් බදු ගෙවන්න අපිට පණ නෑ.
අපිට අවශ්‍ය වායු දූෂණයෙන් තොර ඉලෙක්ට්‍රික් හරි ගෑස්වලින් දුවන වාහන, එහෙම නැතුව මේ වගේ මීහරක් වැඩ නොවේ.