IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


තාජුඩීන් ඝාතන නඩුව නොවැ. 7 තෙක් කල්යයි

(මනෝප‍්‍රිය ගුණසේකර)

රගර් ක‍්‍රීඩක වසීම් තාජුඞීන් ඝාතනය කීරීමේ සිද්ධියේ තොරතුරු වසන් කළ බවට චෝදනා ලැබ සිටින කොළඹ පළාත බාරව සිටි හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතා රෝගී තත්වයෙන් පසුවීම හේතූවෙන් එම නඩු විභාගය ලබන නොවැම්බර් 7 වැනිදා දක්වා කල් තැබීමට කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා අද (23) නියම කළේය.

මෙම නඩුව විභාග කිරීම සඳහා කැඳවනු ලැබු අවස්ථාවේදී විත්තිකාර හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතා බරපතල රෝගී තත්වයෙන් පෞද්ගලික රෝහලක ප‍්‍රතිකාර ලබන හෙයින් අධිකරණයට පැමිණීමට හැකියාවක් නොමැති බවට ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරුන් ඉදිරිපත් කළ කරුණු සැළකිල්ලට ගනිමින් විනිසුරුවරයා එලෙස නියම කළේය.

රගර් ක‍්‍රීඩක වසීම් තාජුඞීන් ඝාතනය කීරීමේ සිද්ධියේ තොරතුරු වසන් කළ බවට දණ්ඩ නීතී සංග‍්‍රහයේ 198 වැනි වගන්තිය යටතේ දඬුවම් ලැබිය යුතු වරදක් කළ බවට විත්තිකරුට එරෙහිව නීතීපතිවරයා විසින් චෝදනා නඟා ඇත.

ඉදිරිපත් වු කරුණු සැළකිල්ලට ගනිමින් අදාළ නියෝග නිකුත් කළ විනිසුරුවරයා විත්තිකරුගේ රෝගී තත්වය පිළිබඳ වෛද්‍ය වාර්තා මෙම නඩුව කැඳවන ලබන නොවැම්බර් 7 වැනිදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස විත්තිකරුගේ නීතීඥවරයාට දැනුම් දුන්නේය.



අදහස් (7)

තාජුඩීන් ඝාතන නඩුව නොවැ. 7 තෙක් කල්යයි

චමින්ද Wednesday, 23 October 2019 09:25 AM

අපි ඒත් බැලුවා තාජුඩීන් නඩුව මෙච්චර පරක්කු වුණේ ඇයි කියලා .ඡන්දයක් ළං වෙන කොට වෙන කේස් එකක් තමයි .2015 යහ පාලන ආණ්ඩුව බලයට පත්වුණේ ඔය තාජුඩීන් කියලා තමයි.හැබැයි පසුගිය අවුරුදු 5ට ඔප්පු කරන්න බැරිවුණා .

:       57       174

චිත්‍රානන්ද Wednesday, 23 October 2019 11:34 PM

ඔප්පු කරන්න බැරි කමට වඩා සැකකරුවන්ගේ කූඨ උපක්‍රමයි, අධිකරණ ක්‍රියාවලියේ තිබෙන මන්දගාමී ස්වභාවයයි මේකට ප්‍රධාන හේතුවක්. වරදකට අහුවෙලා හිරේ තපිනකොට පුදුම අසනීප මේ අයට හැදෙන්නේ. එලියට ආපුවාම උඩ පැන පැන යන්නේ.

:       10       56

වීරවිජේThursday, 24 October 2019 08:05 AM

අම්මෝ මොලේ..... ඒත් ඡන්ද කාලෙට විතරක් මේවා ඇහෙන්නේ මොකෝ දන්නෑ නේද? ඒකත් සැකකරුවොම කරන දෙයක් වෙන්නැති නේද?

:       0       5

Hafeel Wednesday, 23 October 2019 12:24 PM

මේක පුදුම නඩුවක්. මේ සිද්ධියේ තොරතුරු වසන් කළ බවට මෙයාටත්, මරණ පරීක්ෂණ වාර්තාව වෙනස් කළ බවට හිටපු අධිකරණ වෛද්‍ය නිලධාරියාටත් අධි චෝදනා ගොනු කරමින් මහාධිකරණයේ නඩු පවරලත් ඉවරයි. නමුත් මිනීමරුවන්ටත්, වාහන දීලා අනුබල දුන් අයට තාම නඩු නැහැ. කොහොමද නීතිය නවන හැටි...

:       10       395

සෙනෙවිරත්න Wednesday, 23 October 2019 01:03 PM

මේක කවදාවත් අහන නඩුවක් නෙවෙයි. අහලා ඉවරවෙන එකකුත් නෙවෙයි.

:       0       61

Jaya Wednesday, 23 October 2019 01:48 PM

අප්පා... තාජුඩීන් ආයෙත් නැගිටලාද?

:       112       157

sharm warn Thursday, 24 October 2019 05:56 AM

මම මේ බැලුවේ ... "තාජුඩීන්" සහ "බැදුම්කරේ " වෙළඳ ලකුණු යටතේ චුවින්ගම් හදලා ඡන්දෙ කාලෙට වැඩියෙන් විකුනන්න. තව ඕනෙනම් ... "ඩේසි ආච්චි " , " සිරිලිය " , "මගනැගුම " වෙළඳ නාම යටතේත් මොක මොකව හරි වික්කුනන්න පුළුවන් ... මේ කාලෙට මොකෝ කියන්නේ කස්ටිය ? දෙන්නකෝ ඔයාලගේ මනාපේ.

:       0       18

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31310 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13507 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10998 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 109 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 935 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 281 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site