IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


තංගල්ල හිටපු නගරාධිපති තවදුරටත් රිමාන්ඩ්

(ආරියදාස කොඩිතුවක්කු)
 
තංගල්ල නගර සභාවේ හිටපු  නගරාධිපති අනිල් සෙල්ලාහැන්නදි මහතා නොවැම්බර් 13 වන දින දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස තංගල්ල මහේස්ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු ලිලන්ත ටිලාන් වරුසවිතාන මහතා අද (06)  නියෝග කළේය.
 
තංගල්ල නගර සභාවට අයත් රුපියල් හය ලක්ෂ හැත්තෑ දහසක් වටිනා ගිනි නිවීමේ උපකරණ කට්ටලයක් නගර සභාවට බාර නොදීම, 2013 වසරේදී තංගල්ල නගර සභාවේ පෙර පාසලට ලබා දී තිබූ බහුමාධ්‍ය යන්ත්‍රයක් හා එහි තිරය අස්ථානගත කිරීම හිටපු නගරාධිපති වරයාට ඇති චෝදනා වේ.
 
එම චෝදනා සම්බන්ධයෙන් හිටපු නගරාධිපතිවරයා පසුගිය 24 දින තංගල්ල මුලස්ථාන පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තංගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණි. අද (06) තංගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ සැකකාර නගරාධිපතිවරයා යළි බන්ධනාගාර ගතකරන ලෙස තංගල්ල මහේස්ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු ලිලන්ත ටිලාන් වරුසවිතාන මහතා නියෝග කළේය.
 
තංගල්ල මුලස්ථාන පොලීසියේ උප පොලිස් පරීක්ෂක පුෂ්ප කුමාර, පොලිස් සැරයන් (62440) සුමනසිරි යන නිලධාරීන් පැමිණිල්ල වෙනුවෙන් අධිකරණය හමුවේ පෙනී සිටි අතර සැකකාර හිටපු නගරාධිපතිවරයා වෙනුවෙන් ජනාධිපති නීතීඥ උපාලි මොහොට්ටි මහතා පෙනී සිටියේය.



අදහස් (4)

තංගල්ල හිටපු නගරාධිපති තවදුරටත් රිමාන්ඩ්

pappa Wednesday, 06 November 2019 09:35 AM

ඔබල ඔක්කොම නිදොස්කොට නිදහස් වෙන දවස වැඩි ඈතක නොවේ.

:       0       13

සෙනෙවිරත්න Wednesday, 06 November 2019 10:44 AM

තංගල්ලේ නගරාධිපතිතුමන්ලා සේරම එක පාරේ යන්නේ, සාටකේ අඩිපාරේ යනවා නියමෙට...

:       0       16

MaheeWednesday, 06 November 2019 12:46 PM

මටත් හිතෙන්නේ භූමියේ වැරැද්ද...

:       0       2

Rata Perata Wednesday, 06 November 2019 11:58 AM

කට අැරගෙන බලාගෙන ඉන්නවා ඇති ගෝඨාභය එනකම්....

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 678 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 551 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 446 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site