අනීෂා මානගේ
තංගල්ල නගර සභාවේ ලේකම්වරයාගේ ක්‍රියාකලාපය හේතුවෙන් ඔහු පිළිබදව විශ්වාසය කඩ වී ඇතැයිද මේ හේතුවෙන් නගර සභාවේ පරිපාලන කටයුතු සිදුකරගෙන යාමට නොහැකි වී ඇති අතර ඔහු එම ධූරයෙන් ඉවත් කළ යුතු බවට එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී අනිල් සෙල්ලාහැන්නදි මහතා යෝජනා ඉදිරිපත් කළ අතර එම යෝජනාව සම්මත කිරීම සම්බන්ධයෙන් සභාවේ මන්ත්‍රීවරු අතර පැවැති ඡන්දය වැඩි ඡන්ද දෙකකින් අද (18) තංගල්ල නරසභාවේදී සම්මත විය.
පොදුජන පෙරමුණෙහි මන්ත්‍රීවරු 7 දෙනාත් යෝජනාව ඉදිරිපත් කළ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අනිල් සෙල්ලාහැන්නදි මන්ත්‍රීවරයාත් යෝජනාවට පක්ෂවද, සභාපතිවරයා ඇතුළුව එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු හය දෙනෙකු යෝජනාවට විපක්ෂවද ඡන්දය ප්‍රකාශ කළහ.
ජනතා විමුක්ති පෙරමුණ මන්ත්‍රීවරු දෙදෙනාත් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අරලිය එරන්දිම මන්ත්‍රීවරයාත්, එක්සත් ජාතික පක්ෂයේ ගනේෂ් ප්‍රියංකර මන්ත්‍රීවරයාත් ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටියහ.
2025 දෙසැම්බර් මස 30
45
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
714
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
340
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
තංගල්ල නගර සබේ ලේකම් ඉවත් කිරීමේ යෝජනාව සම්මතයි
රවින් Monday, 18 February 2019 10:40 AM
පරිපාලන කටයුතු දේශපාලකයන්ගේ වුවමනා එපාකම් අනුව නොකෙරෙන්න ඇති... අට පාස් නැති දේශපාලකයන්ට වුවමනා රටට හෙන ගැහැව්වත් බඩ වඩා ගැනීම විතරයි. හරි තදින්ම නීතිය ක්‍රියාත්මක කරන නිලධාරියෙක්ව පත්කරන්න...