IMG-LOGO

2025 ජනවාරි මස 19 වන ඉරිදා


තාක්ෂණයට පයින් ගසා වවාගෙන කෑම හොඳයි කියනවා නම් ඒක රට කන වැඩක්

‘තාක්ෂණය අවශ්‍ය නැහැ අපිට ගමේ වවාගෙන කාලා ඇති යනුවෙන් කවුරුන් හෝ කියනවා නම් එය රට කන අදහසක් මිස වෙන කිසිවක් නොවේ’ යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කොළඹදී ඊයේ (18) පැවැසීය.

තාක්ෂණය නැතිව රටක් දියුණු වන්නේ නැති බව කී අග්‍රාමාත්‍යවරයා ඉතිහාසයේ කීර්තිමත්ම යුගය වන අනුරාධපුර යුගයේ පාලකයන්ටත් ඒ කාරණය වැටහී තිබිණැයි සඳහන් කළේය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කීවේ විද්‍යා හා තාක්ෂණ පර්යේෂණ අමාත්‍යාංශයේ ශිල්ප සේනා ප්‍රදර්ශනයේ සමාරම්භක උත්සවය විවෘත කරමිනි.

එදා ලංකාව තරම් ඉංජිනේරු තාක්ෂණයෙන් දියුණු වූ රටක් තිබුණේ නැහැ. ඒ දැනුම පදනම් කර ගනිමින් එදා යෝධ ඇළ හැදුවා. මින්දේරිය, කලාවැව හැදුවා.

සීගිරිය, රුවන්වැලිසෑය, අභයගිරිය, ජේතවනාරාම වැනි දාගැබ් ඉදිකළා. නෞකා ශිල්පය ගැන දැනුමක් තිබුණා. ඒ නිසා ඉන්දියන් සාගරයේ චීනය දක්වා යන නැව් ලංකාවේ අලුත්වැඩියා කටයුතු සඳහා මෙහි පැමිණියා යැයි ද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.

ශිල්ප සේනා ප්‍රදර්ශනය “ශක්තිමත් දෑතින් පොහොසත් රටක්” තේමාවෙන් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී ඊයේ (18) සිට ලබන ඉරිදා (2) තෙක් පැවැත්වේ.

විද්‍යා හා තාක්ෂණ පර්යේෂණ අමාත්‍ය සුජීව සේනසිංහ මහතාගේ සංකල්පයට අනුව ප්‍රදර්ශනය සංවිධානය කෙරේ.



අදහස් (10)

තාක්ෂණයට පයින් ගසා වවාගෙන කෑම හොඳයි කියනවා නම් ඒක රට කන වැඩක්

Amila Friday, 19 July 2019 05:44 AM

තාක්ෂණය භාවිතා කරනවා කියන්නේ ටැබ් බෙදීම වගේ වැඩ නෙමේ. මෙයා හිතන් ඉන්නේ ඒවගේ වැඩද කොහෙද. කෘෂිකාර්මන්තය රටකට අත්‍යාවශ්‍ය දෙයක්. වරද තියෙන්නේ නවීන ක්‍රම සහ දත්ත භාවිතා කරමින් ඒක නොකර එක. ඇමරිකාවේත්, ඊශ්‍රායලයෙත් වවනවා. රටේ නැති, අවශ්‍යතාවයට සරිලන සැපයුමක් නැති හෝ ඔවුන්ට වවනවට වඩා ලාභ ඒවා විතරයි ඔවුන් බොහෝ වෙලාවට ගෙන්වන්නේ.

:       349       377

ravi Friday, 19 July 2019 06:11 AM

" වස විස වලින් තොර අහාරපාන වලින් අපේ රට ස්වයංන්පොෂිත විය යුතුනම්" අපි අපේ අවශ්‍යතාවයන් ගමේ ගොඩේ දීම සපුරා ගත යුතුයි. එහෙම නැති උනොත්, අනාගතයේදී අපේ රටේ මනුස්සයින්ට " තාක්ෂනය කියන වචනයවත් තේරුම් බැරි තත්වයක් උදාවෙයි .

:       2       77

Nimal Friday, 19 July 2019 07:38 AM

තාක්ෂණය කෙසේවෙතත්, රට කන අදහස් නම් ඔබතුමන්ලාට තියෙන බව අපට පැහැදිලියි.

:       2       32

දිලුම් Friday, 19 July 2019 08:01 AM

මෙයා ටැබ් දෙන එක වෙන්න ඇති තාක්ෂණය කියල හිතන්නේ. තාක්ෂණය මුවාවෙන් ගසා කන එක කියන්නේ ටැබි වලින් ගහන කොමිස් උන්ට කොමිස් ගහන්න අපේ ළමයිට ටැබ් දීල උන්ගෙ ජීවිත කාලකන්නි කරන්න මෙයාට ඕන. තාක්ෂණය මේ රටේ පාවිච්චි කරන්න පුළුවන් ඒවටවත් පාවිච්චි නොකර බයිල කියල වැඩක් නෑ. අපේ රටේ ගොවින් ට අස්වැන්න ලැබෙන්න ඔන්න මෙන්න තියෙද්දි ඒ නිෂ්පාදනම පිටරටවලින් ගෙන්නගෙන මේ රටේ දේශිය ගොවියාට ලැබෙන්න තියන මිල නැති කරල දානවා. මම 1990 ඉගෙන ගත්ත විෂ්‍ය මාලාවම මගේ ළමය 2019 ඉගෙන ගන්න ව්ෂය මාලාවක් තියන රටක මුන් ටැබි දෙනවා. ඉතිං කියනව තාක්ෂණේ ගැන.

:       131       260

RaveendraFriday, 19 July 2019 09:16 AM

සූත්තර පුංචාට ගොන් අලියා කියන්නේ නිකන් නොවේ..

:       31       86

BamunuarachchiSaturday, 20 July 2019 01:38 PM

හොඳ වැඩි නැද්ද?

:       1       0

Raveendra Friday, 19 July 2019 08:40 AM

කිව්වොත් කියන්න්ගේ ගොන් තකතීරු කතා..// ගොට්ටන් කියන්නේ තුන්ලෝකෙට උගතා..// කෑමෙන් ස්වයන්පොෂිත රට වල් නොදියුනුද..// ඇ ගොන් අලියෝ බලාපිය අනිත් රටවල් නොදියුනුද ..//

:       24       138

Raveendra Friday, 19 July 2019 08:44 AM

හිගන්නන් මහජන නියෝජිතයන්වීමත් පාපයකි..// ඒබව හොදින් පැහැදිබව කාටත් නොරහසකි..// කිවොත් කියන්නේ මේ වගේ කතා..// නොකා නොබී හිටියත් යමු අපි නවතාක්ෂණය කරා..//

:       1       36

ESampath Friday, 19 July 2019 10:17 AM

මීට අවුරුදු 20ක් ඉහතදී මේ තාක්ෂණය නොතිබුණත් හොඳ ගස්ලබු, දොඩම්, වී, එළවළු... හැම දෙයක්ම තිබුණා. තාක්ෂනේ දියුණුව කරා දැන් ගෙදර වත්තේ කිසිදෙයක් වවාගන්න බෑ. මෙලෝ රහකුත් නෑ. (උදා. ගස්ලබු ඉස්සර ගෙදරවල්වල ගස්ලබු ගස්වල ගෙඩි පිරිලා. අතු හැදිලා එ්වාගෙත් ගෙඩි..) දැනට ඉතුරු කොස් විතරයි. පුළුවන් නම් ඒකටත් කෙලවපල්ලා.

:       0       23

Bamunuarachchi Saturday, 20 July 2019 05:26 PM

හලෝ ඔහේගේ පැරකුම් යුගයට මොනවාද වෙන්නේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 

දියත

මන්නාරම් වෙඩි තැබීමට හමුදා සෙබළකු ඇතුළු තුනක් මාට්ටු
2025 ජනවාරි මස 19 563 0

මන්නාරම අධිකරණය අසලදී පුද්ගලයන් දෙදෙනකුට වෙඩි තබා ඝාතනය කිරීම සහ තවත් දෙදෙනකුට බරපතළ තුවාල සිදුකිරීමේ සිද්ධියේ වෙඩික්කරු ලෙස කටයුතු කළ නාරාහේන්පිට


නැගෙනහිර පාසල් හෙට වැසෙයි
2025 ජනවාරි මස 19 145 0

පවතින අයහපත් කාලගුණය සැලකිල්ලට ගෙන හෙට (20) දින නැගෙනහිර පළාතේ පාසල් නොපැවැත්වෙන බව පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව කියයි.


හුළුගඟේ ගිය ජිප් රියේ සිටි දෙකක් මරුට:අයෙක් අතුරුදන්
2025 ජනවාරි මස 19 1770 0

පන්විල ප්‍රදේශයේදී හුළුගඟට වැටුණු සුපිරි ජීප් රියක ගමන් ගත් දෙදෙනකු මියගොස් තවත් අයකු අතුරුදහන්ව ඇතැයි පන්විල පොලිසිය කියයි.


උල්හිටිය ජල කඳට කොටු වී සිටි හතරක් බේරා ගැනෙති
2025 ජනවාරි මස 19 443 0

උල්හිටිය රත්කිද ජලාශයේ පිටවානේ ගේට්ටු හත අද (19) අලුයම විවෘත කිරිමත් සමඟ එහි ජලපහරට කොටුවී සිටි කාන්තාවන් දෙදෙනකු, වනජීවි නිලධාරීයකු සහ ගවයින් ගැටගැසීම


මාළු ටැංකියට වැටී බිළිදා මරුට
2025 ජනවාරි මස 19 550 0

නිවසේ මාළු ටැංකියට ඇදවැටී මාස 19 ක් වයසැති බිළිදෙකු මියගොස් ඇති බව වාද්දුව පොලිසිය පවසයි


පැල් රැකීමට ගිය ගොවීන් ජලයට කොටුවෙලා
2025 ජනවාරි මස 19 549 0

කැබිතිගොල්ලෑව හිජ්ජාපුර ප්‍රදේශයේ කුඹුරු යායක පැල් රැකීමට ගිය ගොවීන් දෙදෙනකු ගංවතුරට කොටුව සිටියදී යුද හමුදා සහායෙන් නිරුපද්‍රිතව බේරා ගැනීමට හැකි


මේවාටත් කැමතිවනු ඇති

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 369 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 597 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 324 0
ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය

Our Group Site