IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


ණය ශ්‍රේණිගත කිරීම් වලින් ශ්‍රී ලංකාව තවත් පහළට

ඇමෙරිකා එක්සත් ජනපදයේ ණය ශ්‍රේණිගත කිරීම් සමාගමක් වන ‘එස් ඇන්ඩ් පී ග්ලෝබල් රේටින්ග්ස්’ සමාගම දීර්ඝකාලීන ස්වෛරීත්ව ණය ශ්‍රේණිගත කිරීම්වලින් ශ්‍රී ලංකාව තවදුරටත් පහළ දැමීමට පියවර ගෙන ඇත.

මේ අනුව ශ්‍රී ලංකාව සීසීසී+ (CCC+) සිට සීසීසී (CCC) පහළ දැමීමට එම සමාගම පියවර ගෙන ඇත.

‘එස් ඇන්ඩ් පී ග්ලෝබල් රේටින්ග්ස්’ යනු ලොව ප්‍රධාන පෙළේ ණය ශ්‍රේණිගත කිරීමේ කාර්යාංශ තුනෙන් එකකි.

“ආර්ථිකයේ ඉදිරි දැක්ම ඍණාත්මක තත්ත්වයක තිබෙන්නේ” යැයි ණය ශ්‍රේණිගත කිරීම්වලින් ශ්‍රී ලංකාව පහළ දමන බව නිවේදනය කරමින් ‘එස් ඇන්ඩ් පී ග්ලෝබල් රේටින්ග්ස්’ ආයතනය සඳහන් කළේ ය.

ආර්ථිකයේ ඉදිරි දැක්ම ඍණාත්මක බව සඳහන් කරන අතරම ශ්‍රී ලංකාවේ විදේශ මූල්‍ය තත්ත්වය ඉදිරි කාර්තුවලදී තවදුරටත් පිරිහීමට ලක්වනු ඇතැයි ද එම සමාගම සිය නිවේදනය මඟින් සඳහන් කර තිබේ.

මේ තත්ත්වය නිසා ඉදිරි මාස 12ක කාලයේ දී ශ්‍රී ලංකාවේ ණය සේවා පිරිවැයකරණය (ණය ගෙවීමට ඇති හැකියාව) ට බලපෑම් එල්ල වනු ඇත.

ශ්‍රී ලංකා ආණ්ඩුව සිය ආදායම් ඉලක්ක සපුරාගැනීමට නොහැකි වුවහොත් සහ ශ්‍රී ලංකාවේ විදේශ විනිමය සංචිත තවදුරටත් පහළ ගියහොත් ණය ශ්‍රේණිගත කිරීම්වලින් ශ්‍රී ලංකාව තවදුරටත් පහළ හෙළන බව ද ‘එස් ඇන්ඩ් පී ග්ලෝබල් රේටින්ග්ස්’ ආයතනය දන්වා ඇත.

ඩේලි එෆ්.ටී. ඇසුරිනි 



අදහස් (4)

ණය ශ්‍රේණිගත කිරීම් වලින් ශ්‍රී ලංකාව තවත් පහළට

SUNIL MILANO Thursday, 13 January 2022 05:03 PM

පුතනොගේ, ජෙප්පන්ගේ ගර්ජනා දැන් පටන්ගනිවී.

:       0       0

fairoos Thursday, 13 January 2022 05:36 PM

මේක ජාතියන්තර කුමන්ත්‍රණයක්.

:       0       0

Perera Thursday, 13 January 2022 10:58 PM

ඕවා ගණන් ගන්නේ කවුද.?

:       0       0

සේමිනී Friday, 14 January 2022 12:08 PM

මේක නම් ආසියාවේ ආශ්චර්යයක්ම තමයි. පුදුමාකාර සෞභාග්‍යයක්...

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 7 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 696 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 332 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site