ණය ගෙවීම සඳහා ඉන්දියාව වසර තුනක සහන කාලයක් දෙනු ඇතැයි ශ්‍රී ලංකාව බලාපොරොත්තු වන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉන්දියාවේ දී ‘ද හින්දු’ පුවත්පතට සම්මුඛ සාකච්ඡාවක් දෙමින් පැවැසීය.
ණය අභියෝගය සම්බන්ධයෙන් ‘ද හින්දු’ පුවත්පතේ මාධ්‍යවේදිනි සුහාසිනි හයිදර් විමසූ පැනයකට පිළිතුරු දුන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙසේ කීය.
“අපි මේ ගැන ඉන්දීය රජය සමඟත් සාකච්ඡා කළා. සියලු ණය වෙනුවෙන් වසර තුනක පමා සහන කාලයක් ලබාගන්න පුළුවන්දැයි ඉන්දීය රජයෙන් විමසීමක් කළා. අපි එය ඉල්ලන්නේ ආර්ථිකය නගා සිටුවන තෙක් පමණයි. ඉන්දීය රජය ඒ පියවර ගනිමින් අපට අවස්ථාවක් දුන්නොත් චීනය ඇතුළු අනෙක් රටවල් පවා ඊට එකඟ වේවි. කලින් ආණ්ඩුව විශාල වශයෙන් ණය ගත්තා. ඔවුන් ආර්ථිකය පහළ වැට්ටුවා. දැන් එය අර්බුදයක්. සියල්ල තීරණය වන්නේ ඉන්දියාව ගන්න පියවර මතයි”

ජාතික සම්පත් විදේශීය පාලනයකට නතු නොකිරීමේ දැඩි තීරණයකට ආණ්ඩුව පැමිණ ඇතැයි පසුගිය ආණ්ඩුව අත්සන් කරන ලද ගිවිසුම් ඉදිරියට ක්‍රියාත්මක කරන්නේදැයි විමසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අග්‍රාමාත්‍යවරයා කීය.
“අපි තවම ත්‍රිකුණාමල ව්‍යාපෘතිය ගැන සාකච්ඡා කළේ නැහැ. එහෙත් අපි කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් සාකච්ඡා කළා. ඉන්දියාව සහ ජපානය ඊට ඒකාබද්ධ ආයෝජන සිදු කරනවා. ඒ වගේම ස්වභාවික වායූ පර්යන්තය සම්බන්ධයෙන් ද අපි සාකච්ඡා කළා. පසුගිය ආණ්ඩුව 2017 දී අත්සන් කළ කිසිම ගිවිසුමක් ඉදිරියට කරගෙන ගියේ නැහැ.ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අත්සන් කළ ගිවිසුම් සියල්ල ප්‍රතික්ෂේප කළා. ඒ ගිවිසුම්වලට අපි වගකියන්නේ නැහැ. මත්තල ගුවන් තොටුපොළ සම්බන්ධ ව්‍යාපෘතියට ද ඉවත් කළා. අපේ ආණ්ඩුව, ජාතික සම්පත් විදේශීය පාලනයකට නොදෙන දැඩි තීන්දුවක ඉන්නවා” යැයිද ඒ මහතා පැවසීය.
සිවුදින නිල සංචාරයක් සඳහා පසුගිය සිකුරාදා(07) ඉන්දියාව බලා ගිය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (8) නවදිල්ලි නුවර ‘හයිද්‍රාබාද් නිල නිවස්නයේදී’ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි හමු විය. ඉන් අනතුරුව ඒ මහතා ‘රාෂ්ට්‍රපතිභවන්’හිදී ඉන්දීය ජනාධිපති රාම් නාත් කෝවින්ද් මහතා මුණ ගැසුණේය.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා නවදිල්ලි නුවරදී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සමඟ ඒකාබද්ධ මාධ්‍ය හමුවක් ද පැවැත්වීය.
055
COMMENTS
2005 ඉඳලා 2015 දක්වා කව්ද ණයගත්තේ? ඇයි ඒවා ණය නෙවෙයිද? දෙමව්පියන්ගේ සොහොන් හැදුවේ රොත්ත, බුරුත්ත පිටින් හොරකම් කළේ කාගේ කාලේද මතකද?
ලජ්ජාවේ බැරුවා...! ඕවා කරන්නද මුළු රටම පොඩිපට්ටම් කරගෙන බලයට ආවේ...?
කවුරු කළත් දැන් සිදුවන්නේ ආර්ථික වර්ධනයට වඩා, ණය රෝල් කිරීම පමණි. අපට ණය නැවත ගෙවා ගත නොහැකි වූ විට, ඉන්දියාව වරායේ නැගෙනහිර පර්යන්තය ඉල්වා සිටින්නේ ඔවුන් දුන් ණය නැවත අය කර ගැනීමේ අරමුණින්ය. හම්බන්තොට වරාය චීනුන්ට බදු දෙන්නට වුයේත් ඔවුන්ගෙන් ලබා ගත් ණය ආපසු ගෙවීමට නොහැකිවූ බැවිනි. සමහරෙක් ජාතික සම්පත් විදේශීය පාලනයකට දෙනවා යයි මොර දුන්නත්, ඇත්ත තත්වය නම් මේවා අප විසින්ම කරගත් දේවල්ය.
මූණ දැක්ක ගමන් ණය එපා කියයි.
නූපන් දරුවන් පවා ලෝකේට ණය කාරයෝ කරලා තමුන් කරපු හරිය ලෝකෙම දන්නවා. පවුල් පාලනේ අය විතරක් බොරු සෝබන වැඩවලට, නිකරුනේ මොනතරම් මුදල් කන්දරාවක් කාබාසිනියා කෙරුවාද ?
ඉතුරු ටිකත් හොරා කන්නද ?
ණය වෙන්න ඇත්තේ ආසියාවේ ආස්චර්යය පෙන්වන්න ගිහින්ද? වෙන්න බැහැ අපිට සේවය කරන්න ගිහින්. සුනාමියෙන්, මහා පරිමාණයෙන් මුලු පව්ලේම අය ගසාකාපුවායින් ඔය ණය ගෙවාදාන්න බැරිකමක් නැහැනේ..
මේ ළඟදි ගෝල්ෆේස් එක ලඟින් වටිනා ඉඩම් අක්කර 3ක් බදුදුන්නා. ඒක මොන සම්පතක්ද කියා දන්නා කෙනෙක් මෙහි පිළිතුරක් සපයන්නේ නම් මැනවි.
මලින්ද මහත්තයෝ, මැරිලා ඉපදුණාද? මේ රටේ වැඩිම ජාතික ධනය කොල්ල කෑවේ කොයි කාලේද? මහාපරිමාණ වංචා විමර්ශණ කොමිසමෙන් කාගේද ප්‍රජා අයිතිය වසර 7ක් අහෝසි කරන්න නිර්දේශ කළේ?
ඔය ණය කන්දෙන් සියට 90ක් ඔයාගේ කාලේ හොරකම් කරපුවා. ඔයාට කොහෙද සල්ලි එදා...?
මේවගේ අයට තුනෙන් දෙකේ බලය නෙමේ දෙන්න ඕනෑ. අවුරුදු 4ක් රට කරපු කට්ටියට වැඩිය. සාස්තරකාරයින් පුරවාගෙන හොරකම් කරලා පවුල් පිටින් රට විනාශ කරපුවා. අමතකද? ඉන්දියාව මෝඩ නැහැ ඒ කට්ටිය දන්නවා හොරා කව්ද කියලා... හොරා කාපුවාවල ණය ගෙවන්න. ජනතාවට පිටරට ගිහින් වහල් සේවය කරන්න වෙයි. ණය ගෙවන්නයි. බේබිලාගේ බඩ පුරවන්නයි අනවශ්‍ය වියදම් කපන්නේ. වැඩ කරන ජනතාවගේ... අයියා ජනතා මුදලින් පවුල් නඩේ සමග සවාරි යනවා දන්නේ නැත්ද? මොවුන්ට තවම තුනේ බලය නැතිව මෙහෙම නම් කොහොමද දෙකේ බලය ලැබුණාම කවදාවත් දෙන්න එපා වැඩිපුර බලයක්...
පුදුම ආසාවක් තියෙන්නේ රජ පුටුවේ ඉඳගන්න ඩුප්ලිකේට් වුණත් කමක් නැහැ. එංගලන්තේ රැජිණ රජ වුනේ හොරකම් කරලා නෙමේ පෙළපතින්... නමුත් රැජිණ රජ පුටුවේ ඉඳගෙන කාටවත් අතට අත දෙන්නේ නැහැ. ඒක අසීලාචාර කමක්. මේ ඩුප්ලිකේට්. ලී පුටුවෙන් නැගිටින්නේ නැහැ. එයාට මදිකමක් නිසා කවදා කාපු ටකරන්ද?
ඡන්දෙට තව කාලය තියෙද්දීත් ගෙවුම් කමෙන්ටුවෝ වැහි වැහැලා...
කලක ආසියාවේ ඉදිරියෙන්ම සිටි අප, නිල් හා කොළ දේශපාලන සාපය නිසා හිඟාකන මට්ටමට වැටීම මොනතරම් පාපයක්ද? මේවට සම්බන්ධ සියලු දෙනාට සොබාදහම දඬුවම් දෙනු ඇත. කරුමය නම් දේශපාලන වහලුන්ට මෙය නොතේරීමයි.
පවුලේ හතර වරිගයේම ඉන්න අයව ළංකරගෙන රටම හොරා කන්න ඉඩදීලා රට ආර්ථික වශයෙන් ලෝකෙටම ණයකාරයින් කෙරුවේ තමුන් මිසක් වෙන කවුරුත් නෙවෙයි...
අහන්න තියෙන්නේ දැන් සැපද කියලා තමයි...?
ඔය ටික කියන්නද ගියේ?
මෙතන ලියලා තියෙන කමෙන්ට් වල විලාපය දැක්කාම තේරෙනවා වහල් ආණ්ඩුව ගෙදර යැව්වට සෑහෙන දෙනෙකුට රිදිලා කියලා. අවුරුදු 5ක් තිස්සේ වහල් ආණ්ඩුවේ ජනාධිපතියි, අගමැතියි, ඇමැතිවරුයි, නගරාධිපතිවරුයි ලෝකේ වටේ ගිහින් ගත්ත මහා ණය කන්දරාවෙන් කරපු කිසිම දෙයක් නැහැ. විදේශිකයන්ට විකුණන්න පුළුවන් රටේ හැම සම්පතක්ම දීලා දැම්මා. වහල් ආණ්ඩුව මාගම්පුර වරාය චීනෙට වික්කේ ණය ගෙවන්න බැරි හින්දා නෙමෙයි. ඒක විකුණලා සල්ලි අරගන්න ඕනේ හින්දා. ගත්ත සල්ලිවලට වෙච්ච දෙයක් නැහැ. රජයට දරන්න බැරිතරම් වියදම් එකතු කළා. මිනිස්සුන්ගේ ණය ආණ්ඩුව ගෙවන්න ගත්ත මදිවට ලෝකේ නැති නම් දාගෙන ණය දෙන්න ගත්ත ඒවා ආපහු අය කරගන්න කිසි ක්‍රමයක් නැති විදිහට. ආණ්ඩුවම මිනිස්සු දම්මලා කලබල ඇතිකරලා ඊට පස්සේ ඒවාට මිලියන් ගණන් වන්දි ගෙව්වා. රටේ මුළු ආර්ථිකයම කුණාටුවකට අහු කරලා වගේ තියෙන්නේ. රුවල කැඩුණු නැවක් වගේ ලංකාව ඒ මේ අත පාවෙනවා හරි මඟක් නොදැන...
තව වරායක්, ජාත්‍යන්තර ගුවන් තොටුපොලක්, ක්‍රිකට් ක්‍රීඩාංගණයක් එහෙම හදමු. ඕනෑ නැත්නම් පස්සේ චීනෙට විකුණන්න වුණත් බැරියැ...