(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකාව ඇනවුම් කළ ඩීසල් ඔක්තෝබර් 1 වන විට නොලැබුණොත්"ලොක් ඩවුන්" කිරීම ඔක්තෝම්බර් මැද දක්වා දිගු කරන්නට සිදුවනු ඇතැයි හිටපු අග්‍රාමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
රට ලොක් ඩවුන් ලිහිල් කිරීම ප්‍රමාද වුනේ ශ්‍රී ලංකාවට ඩීසල් සඳහා මුදල් ගෙවන්නට හැකියාව නොලැබුණු නිසා බව තමාට දැනගන්නට ලැබුණ බව කී වික්‍රමසිංහ මහතා මේ වන විට ආණ්ඩුව ඩීසල් සඳහා මුදල් ගෙවා තිබෙන අතර දැන් රටට ඩීසල් පැමිනෙමින් තිබෙන බව සැළ වී ඇතැයි ද කීය.
එම ඩීසල් ඔක්තෝම්බර් 1 වනදා වන විට නොපැමිණියහොත් තවදුරටත් ලොක් ඩවුන් කාලය දිගු කරන්නට ආණ්ඩුවට සිදුවනු ඇතැයි ද හිටපු අග්‍රාමාත්‍යවරයා පැවසීය.
ජාත්‍යන්තර වාණිජ මණ්ඩලය සමඟ ඔන්ලයින් තාක්ෂණය ඔස්සේ පැවැති සාකච්ඡාවකට එක්වෙමින් හිටපු අග්‍රාමාත්‍යවරයා පැවසූයේ ශ්‍රී ලංකාවේ ඉන්ධන සැපයුම ණය ක්‍රමයක් හරහා ලබා දෙන ලෙස ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යවරයා විසින් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ විදේශ ඇමතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබෙන බව තමා මාධ්‍ය වාර්තාවල කියැවූ බවයි.
සාමාන්‍යයෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යය වැනි රටවල් එසේ නොකරන නමුත් ලංකා විදේශ ඇමතිවරයා කළ ඉල්ලීම ඉටු විය යුතු යැයි තමා ප්‍රාර්ථනා කරන බවද රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අම්මෝ... මෙහෙම ගියාම පිටරට ඉන්න අපි කොහොමද අපි ලංකාවේ කියලා කියන්නේ.. ඉස්සර නම් ශ්‍රී ලංකන් කිව්වාම ලොකු පිළිගැනීමක් සහ හිතට ලොකු ගැම්මක් තිබුණා. ඒත් දැන් හෙණ බයක් දැනෙන්නේ මම ලංකාවේ කියලා කියන්න.
රට මුදල් හිඟවෙන්න නුඹලා ප්‍රමුඛ ගොන් රැලත් ඍජුවම වගකියන්න ඕනේ. නිකම් බබා හුකුම් දාන්න එපා...
ණයට ගන්න විතරක් මුස්ලිම් රටවල් හොඳයි. කොරෝනා මරණ ආදාහනය කරන්න එපා කියලා ඉල්ලීම් කරනකොට අපේ සර් ඇහුවද? දැන් නිකන් පීචන් වෙනවා.
කට ඇරියොත් හබක් තමයි...
අවුරුදු 5ක්ම රට නන්නත්තාර කරලා දැන් මරු කියවනවා. බබා හුකුම් වෙන්න හදනවා.
ඩබල්ගේම් කරන රනිල්ගේ මහතාගේ මේ ප්‍රකාශය නිවැරදි වීමට ඉඩ ඇතත් පසුගිය කාලයේ රට පාලනය කල ආකාරය විග්‍රහ කර බලන විට නැවත බලය දීමට ජනතාව ඉඩදෙයි කියා සිතන්න ඉතාමත් අසීරුය.