හර්ෂණ තුෂාර සිල්වා
ශ්‍රී ලංකා ඉතිහාසයේ පළමු වරට එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල ඊයේ (23) රුපියල් 180 සීමාව ඉක්මවා ගියේය.
මේ අනුව ශ්‍රී ලංකා මහ බැංකුව ඊයේ (23) නිකුත් විනිමය අනුපාතවලට එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල 180.66ක් ලෙසත් ගැනුම් මිල 176.72ක් ලෙසත් දැක්විණි.
ශ්‍රී ලංකා මහ බැංකුව සතිපතා නිකුත් කරන දත්තවලට අනුව ජනවාරි 1 වැනිදා සිට නොවැම්බර් 16 වැනිදා දක්වා කාලයේදී එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සියයට 13.4කින් අවප්‍රමාණය වී තිබේ.
‘රෙෆිනිටිව් ඉකෝන්’ ජාත්‍යන්ත මූල්‍ය විශ්ලේෂණ ආයතනයේ දත්තවලට අනුව එම කාලයේදී ශ්‍රී ලංකා රුපියල සියයට 15.9කින් අවප්‍රමාණය වී ඇත.
වසර 2010 දී ශ්‍රී ලංකාව ශ්‍රේණිගත කිරීම ඇරඹූ ‘මූඩිස්’ ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීමේ ආයතනය පළමු වරට අඟහරුවාදා (20) ශ්‍රී ලංකාව ශ්‍රේණිගත කිරීම් පහළ දැමීය. වත්මන් දේශපාලන අර්බුදය දැනටමත් තිබෙන ආර්ථික අර්බුදය තවදුරටත් උග්‍ර කරනු ඇතැයි ද මූඩිස් ශ්‍රේණිගත ආයතනය එහිදි පෙන්වා දී තිබිණි. කෙසේ නමුත් එම පහළ දැමීම පදනම් විරහිත යැයි ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අවුලක් නෑ. පෙට්‍රල් අඩු කරානේ. ඒ ඇති
බන්දුල ඔයා කොහෙද?
ජයවේවා !
අලුත් මුදල් ඇමති ඒගොල්ලෝ ආවම කරනවා කියපු දේවල් කරන්න තාම පටං අරගෙන නැතිව ඇති. තාම දන්නෙත් නැද්ද දන්නේ නෑ!
බලෙන් ගත්තනම් අපිට තෙල් අඩු කරලා බදු මිල අඩු කරල දෙන්න
ආණ්ඩුව ආපු ගමන් කීවේ, ඩොලර් එක බහිනවා දැන්, රට ඉන්න අපේ සල්ලි ඉක්මනට එවන්න කියලා.
කාරියක් නැහැ ... දේශප්‍රේමී ආණ්ඩුවක්නේ තියෙන්නේ.
සිම්බාබ්වේ වල වුණා වගේ අපිටත් රුපියල අත් හරින්න වේවිද ළඟදීම...
ජනාධිපතිතුමා මේ දවස්වල පත්තරේ බලන්නේ නැතුවා වගේ නේද?
හිරු, සිරස, දෙරණ, දැන් රුපියලේ අගය දාන්නේ නෑ නේද?
එය හෙට උදේට පත්තරේ බලලා කියනවා ෂුවර්... ඉවසලා ඉන්න.
බන්දුල ඔයා අපිව අතරමන් කළා. අපි හිතුව ඔයාගේ ආණ්ඩුව ආවම, ඔයාගේ ආර්ථික නියායන් දාලා ලස්සනට රුපියල බස්සයි කියලා. දැන් බැලුවම ඔයා බොරුනේ කියලා තියෙන්නේ.ඔය ගොල්ලන්ගේ ඔය බොරු නියායන්වලට මුළු රටම අනාතයි.
කොහොම හරි මේ ඩොලරය රුපියල් 300 දක්වා ඉහලය යත්වා කියා මම ප්‍රර්ථන කරනවා