IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


‘‘ඩෙල්ටා‘‘ රෝගියා හමුවූ ජයලිගම තවත් හතරකට කොරෝනා

(සුජිත් හේවාජුලිගේ සහ ශාන්ත ප්‍රදීප් කුලරත්න)

ඉන්දීය ඩෙල්ටා සැර කොරෝනා ප්‍රභේදය ආසාදනයවූ පුද්ගලයා සොයා ගැනුණු කහතුඩුව ජයලිගම ප්‍රදේශයේ තවත් සිවු දෙනකුට කොරෝනා ආසාදනයවී ඇතැයි තහවුරු වී තිබෙන බව කහතුඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි.

එහෙත් ඔවුන් සිව් දෙනාට ආසාදනය වී ඇත්තේ ඩෙල්ටා සැර කොරෝනා ප්‍රභේදය බවට මෙතෙක් තහවුරු වී නැතැයි ප්‍රදේශයේ සෞඛ්‍ය අංශ නිලධාරියෙක් කීය.

ඩෙල්ටා කොරෝනා ආසාදිතයා හමුවීමෙන් පසුව එම ගම්මානයේ 100 දෙනෙක් පී.සී.ආර් පරීක්ෂණවලට යොමු කරනු ලැබූහ.

එම 100 දෙනාගෙන් 70 දෙනකුගේ පී.සී.ආර් වාර්තා ඊයේ(29)ලැබී තිබූ අතර සිවු දෙනකුට කොවිඩ් ආසාදනයවී ඇතැයි තහවුරු වී ඇත්තේ එම වාර්තා මගිනි.

කෙසේ වෙතත් ඩෙල්ටා සැර කොරෝනා ආසාදිතයාගේ මව බිරිඳ සහ දරුවාට කොවිඩ් ආසාදනය වී නොමැති බවත් ඔවුන් සම්බන්ධයෙන් යළි කොරෝනා පරීක්ෂණයක් කිරීමට තීරණය කර ඇති බවත් සෞඛ්‍ය අංශ නිලධාරීහු පවසති.

ඩෙල්ටා සැර කොරෝනා ආසාදිතයා සොයා ගැනීමෙන් පසුව ප්‍රදේශයේ නිවාස පහක 20 දෙනක් නිරෝධායනයට යොමු කරනු ලැබ සිටිති.

මේ අතර ජයලිගම ප්‍රදේශයේ සෞඛ්‍ය ආරක්ෂක පියවරක් ලෙස ක්‍රියාත්මක කෙරුණු සංචරණ සීමා තවදුරටත් එලෙසම ක්‍රියාත්මක වන බව සෞඛ්‍ය නිලධාරීහු පවසති.

 



අදහස් (1)

‘‘ඩෙල්ටා‘‘ රෝගියා හමුවූ ජයලිගම තවත් හතරකට කොරෝනා

Sri Lanka Tuesday, 29 June 2021 05:17 PM

දැන්වත් බොරුව නවත්වන්න. රටවල් සූරාකන වැඩ පිළිවෙලක්...

:       15       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 635 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 305 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site