IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


’’ඩෙල්ටා රෝගීන් සෑම දිස්ත්‍රික්කයකම ඉන්න පුළුවන් ’’

(සුජිත් හේවාජුලිගේ)

ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදයේ ආසාදිතයින් මෙරට සෑම දිස්ත්‍රික්කයකම සාමාන්‍ය ප්‍රමාණයක් සිටිය හැකි බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවැසීය.

මේ අතර පෙරේදා (25) දිනයේ වාර්තා වූ දෛනික කොවිඩ් ආසාදිතයින්ගෙන් යම් ප්‍රතිශතයක්ද ඩෙල්ටා ආසාදිතයින් විය හැකි බව හෙතෙම සඳහන් කළේය.

මෙරට සෑම දිස්ත්‍රික්කයකම ඩෙල්ටා රෝගීන් අඩු වැඩි වශයෙන් සිටින බවට නිගමනයකට ඇවිත් සිටින බවත් මේ ප්‍රභේදයේ රෝගීන් ඉන්න ප්‍රදේශයක රෝගය බෝවීමට ඉඩ තැබුවහොත් එය වේගයෙන් පැතිරිය හැකි බවත් ඔහු ප්‍රකාශ කළේය.

ඩෙල්ටා ආසාදිතයන් 68 දෙනා හමුවූයේ සාම්පල ගණනාවක් පරීක්ෂා කිරීමේදී බව පැවසූ හෙතෙම එම රෝගීන් ඊට වඩා විශාල සංඛ්‍යාවක් පරිසරයේ සිටිය හැකි බවත් ප්‍රකාශ කළේය.

එහෙත් සෑම කෙනෙකුම ඩෙල්ටා ප්‍රභේදය සඳහා වෙන වෙනම පරික්ෂා කිරීම ප්‍රායෝගික වශයෙන් කළ නොහැක්කක් හෙයින් එවැන්නක් නොකරන බවද ඔහු පැවසුවේය .

ඩෙල්ටා පොකුරු ඇති වීමට ඉඩ නොතබන්නැයි ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් විශේෂඥ වෛද්‍යවරයා සඳහන් කළේය.

 



අදහස් (2)

’’ඩෙල්ටා රෝගීන් සෑම දිස්ත්‍රික්කයකම ඉන්න පුළුවන් ’’

Bandara Monday, 26 July 2021 04:53 PM

මාර නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් කෙනෙක්... පළමු ඩෙල්ටා රෝගියා හමුවෙලා දැන් කී දවසක්ද? මේක පැතිරීම වැළැක්වීමට මොනවද කළේ?. සෞඛ්‍ය අමාත්‍යංශයේ වගකීම් මේක පැතිරෙනවා කිය කියා ඉන්න එකද?.. ලක්ෂ ගණන් පඩි ගන්නේ මේ ටික කියන්නද? මේ අවදානම ගැන රටේ දේශපාලන නායකත්වය දැනුවත් කිරීමට බයයිද?. ඉදිරියේදී මියයන ජීවිත වලට ඔබ වගකියනවාද?

:       0       0

මහසෙන් Monday, 26 July 2021 05:39 PM

සාමාන්‍ය දෙයක් නේ නේද මහත්තයෝ...? ගණන් ගන්න දෙයක් නෑනේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 689 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 331 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1117 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site