(සුජිත් හේවාජුලිගේ )
ඩෙල්ටා සැර කොරෝනා ආසාදිතයන් දහස් ගණනක් රටේ සිටිය හැකි යැයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසයි.
" ඩෙල්ටා රෝගීන් තවත් නැහැ කියලා මම කොයිම අවස්ථාවකවත් කියන්නේ නෑ. එක් කෙනෙකු හමු වෙනවා කියලා කියන්නේ එවැනි රෝගීන් සමාජයේ දහස් ගණනක් ඉන්න පුළුවන්. ඒ අවදානම තියෙනවා " යැයිද ඔහු සඳහන් කළේය.
හේමන්ත හේරත් මහතා වැඩිදුරටත් මෙසේද පැවසුවේය .
" වැඩ වර්ජන ක්‍රියාමාර්ගය නිසා පී.සී.ආර් පරීක්ෂණ සඳහා සාම්පල ලබා ගැනීමේ යම්කිසි අඩුවක් තිබෙනවා . ඒ හරහා ඇතිවන රෝගීන්ගේ අඩුව සංචරණ සීමා අඩු කිරිමට හෝ ලිහිල් කිරීමට හේතුවක් කර ගන්නට බැහැ. අපි එහෙම හිතන්නෙත් නැහැ "
"පී.සී.ආර් පරීක්ෂණ ප්‍රමාණය මේ නිසා නව දාහකට පමණ බැස්සා.නමුත් ඊයේ වන විට ඒක පහළොස් දහස දක්වා වැඩිවෙලා තියෙනවා. එම ප්‍රමාණය තවත් වැඩි කරගෙන යනවා . "
COMMENTS