(නිමන්ති රණසිංහ)
ආරක්ෂිත පියවර නොගතහොත් ඉදිරි සති 8 සහ 10 තුළ රටේ ප්‍රධාන වයිරසය බවට ඩෙල්ටා ප්‍රභේදය පත්විය පත් විය හැකි බව විශේෂඥ වෛද්‍යවරුන් අනතුරු අඟවා ඇතැයි රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය කියන්නීය.
ජනතාව නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශයන් පිළිපැදීමට පියවර නොගතහොත් මෙම තත්ත්වය ඉතාමත් බරපතළ වන බව ද ඇය සඳහන් කළාය.
මෙම ඩෙල්ටා වෛරස් ප්‍රභේද ය ගැන පර්යේෂණ සිදුකරන විශේෂඥයින් මේ සම්බන්ධයෙන් අනතුරු අඟවා ඇති බැවින් ජනතාව නිසි සෞඛ්‍ය මාර්ගඋපදේශ අනිවාර්යයෙන් පිළිපැදිය යුතු බවත් නො එසේ නම් එසේ නම් ඉදිරි සති 8 බරපතළ තත්ත්වයකට පත්විය හැකි බව ත් ඇය වැඩිදුරටත් සඳහන් කළාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන්වත් බොරුව නවත්වන්න. කොරෝනාවලට මුවාවෙලා භාණ්ඩාගාරයේ තිබුණු සල්ලි සේරම ගත්තා. දැන් එනවා ඩෙල්ටා එකක් ගැන කියාගෙන.
ඇල්ෆා එන්නේ කවදාද? නිකන් බොරුවට ඩෙල්ටා, ගැමා, බීටා ගැන කියන්නේ නැතිව වැක්සිනේෂන් එක හරියට කරන්න පුළුවන් විදිහක් කියන්න. බැරි නම් අයින් වෙන්න.
ඩෙල්ටා ප්‍රභේදයටත් වඩා භයානකම වයිරසය 6 වෙනිදා එනවලු. ඒ වයිරසය " නිසා "මේ ඇමැතිනියගේ ආසන්නම ඥාතියා මියගිය බව ඇය නොදන්නීද..? නැතිනම් නොදන්නවා වගේ සිටින්නීද..? දේශපාලනය නමැති මඩ ගොහොරුවට බැසගත් පසු මිනිසාට " සියල්ලම අමතකවන " මහා භයානකම රෝගයත් වැළඳෙනවා.
ඔබතුමිය සහ රටේ මිනිසුන් දැනගත යුතු කාරණාවක් තියෙනවා. ඒ තමයි මිනිස්සු කොච්චර කැප කිරීම් කරලා පරිස්සමෙන් හිටියත් කවුරුහරි බලපුළුවන්කාර කම තියෙන කීපදෙනෙක් මේ සියල්ල විනාශ කරනවා. මම එහෙම කියන්නේ පසුගිය දිනක පත්තරේ තිබුණා පොළොන්නරුවේ සහල් මෝලක වැඩකරපු ඉන්දියානු ජාතිකයන් පිරිසකට ඔය ඩෙල්ටා තිබුණා කියලා. ඉන්දියානු කම්කරුවන් මෙහෙ ගෙන්නාගෙන සහල් මෝල් වල වැඩට යොදා ගන්නේ පොළොන්නරුවේ මොන බලවතාද? කාගේ අවසරයකින්ද ලෙඩ තියෙන ඉන්දියානුවන් මෙහෙ ගෙන්නන්නේ? මෙහෙම දේවල් වෙනවා නම් මෙ ලෙඩේ කවදා ඉවර කරන්නද?