IMG-LOGO

2025 ජනවාරි මස 19 වන ඉරිදා


ඩුබායි හිදි අනතුරට පත් ලක් කතට කෝටි පහක වන්දියක්

( තිළිණි ද සිල්වා)

ඩුබායි රාජ්‍යයේ සේවය කරමින් සිටියදී වෑන් රථ අනතුරකින් පූර්ණ ආබාධිත තත්ත්වයට පත්වූ ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවක් සඳහා ඩිරාම් මිලියනයක වන්දි මුදලක් ( ශ්‍රී ලංකා මුදලින් රුපියල් පන් කොටි හතළිස් ලක්ෂයකට ආසන්න මුදල්ක් ) ගෙවන්නැයි ඩුබායි අධිකරණය එම රිය අනතුර සිදු කළ ඉන්දීය ජාතිකයෙකුට නියෝග කර ඇත.

මෙම වන්දි මුදල හිමි වූයේ වූයේ ඩුබායි රාජ්‍යයේ ගෘහ‌සේවිකාවක වශයෙන් සේවය කරමින් සිටියදී ආබාධිත වූ තරංගා දිල්රුක්ෂි නැමැති 45 හැවිරිදි ලාංකික කාන්තාවකට යැයි එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පළවන ගල්ෆ් නිව්ස් පුවත්සේවය ඊයේ (24) වාර්තා කළේය.

ඉකුත් වසරේ මැයි 24 වැනි දා ඩුබායි රාජ්‍යයේ බර් ඩුබායි පොලීස් ආසන්නයේ හරස් මාර්ගයකදී ඉන්දීය ජාතික රියැදුරෙකු නොසැලකිල්ලෙන් සිදු වූ අනතුරකින් මෙම ලාංකක ගෘහ සේවිකාව පූර්ණ අබාධිත තත්ත්වය පත්ව සිය ජීවිතය රෝද පුටුවක සීමා විය.

අනතුර හේතුවෙන් ඇයගේ තුවාල වලට හා ඉන් ඇයට සිදුවූ හානියට වන්දි ඉල්ලා තමා ඩුබායි අධිකරණය හමුවේ නඩුවක් ගොනු කළ බවත් , වසරක කාලයක් පැවති නඩු විභාගයකින් අනතුරුව තමන්ට මෙම වන්දි මුදල ගෙවන ලෙසට එරට අධිකරණය අදාළ රියදුරුට නියම කළ බවද ගල්ෆ් නිව්ස් වාර්තාවේ වැඩිදුරටත් සදහන් වේ.

එම රියට අනතුර ගැන සිහිපත් කරමින් දිල්රුක්ෂි මහත්මිය ගල්ෆ් නිව්ස් පුවත් සේවය වෙත පැවසුවේ පසුගිය වසරේ මැයි 24 දා බර් ඩුබායි පොලිස් ස්ථානය අසල සීබ්රා හරස් මාර්ගයකදී මෙම අනතුර සිදු වූ බවය.

“තමා එම අවස්ථාවේ පාර හරහා කරමින් සිටියදී ඉන්දියානු ජාතිකයෙකු පැදවූ වෑන් රථයක් තමාව යටකර ගන ගිය බවත් , පසුව ඩුබායි රථවාහන අධිකරණය රියැදුරාට එරෙහිව තීන්දුවක් ලබා දුන් අතර ඔහුට ඩිරාම් 5000 ක දඩයක් නියම කළේය.

නමුත් තමාව සදාකාලික ආබාධිත තත්ත්වයට පත් කළ රියැදුරෙන් වන්දි ඉල්ලා ඩුබායි අධිකරණය හමුවේ සිවිල් නඩුවක් පැවරීමට ඩුබායි හි වයි.ඒ.බී නීති සමූහයේ නීති නියෝජිත සලාම් පපිනිස්සේරි මහතා ස්වේඡාවෙන් දායක වූ බවද ඇය කියා සිටින්නීය.

ඩුබායි උසාවිය මෙම නඩුව පිළිගත් අතර වින්දිතයාගේ නීතිඥයින් විසින් ගොනු කරන ලද ලිපි ලේඛන තහවුරු කර ගත් අතර අවසානයේ දිල්රුක්ෂිගේ නීතීඥයින් විසින් ඉදිරිපත් කළ වෛද්‍ය වාර්තාව සහ තුවාල තක්සේරු කිරීම මත පදනම්ව අධිකරණය විසින් වන්දි වශයෙන් ඩිරාම් මිලියනයක් ප්‍රදානය කරන්නැයි විත්තිකාර ඉන්දීය ජාතික රියැදුරුට නියම කරනු ලැබීය.

1995 වර්ෂය සඳහා වූ ඩුබායි රථවාහන හා හදිසි නීතිය පිළිබඳ 26 වන වගන්තිය අනුව ලාංකික ගෘහසේවිකාවට වන්දි ගෙවිය යුතු බවත්, නීතිඥ ගාස්තු රක්ෂණ සමාගම විසින් ගෙවිය යුතු බවද ඩුබායි අධිකරණය සදහන් කර ඇත.

ලංකාවේ අඩු ආයදායම්ලාභි පවුලක තැනැත්තියක වන තරංගා දිල්රැක්ෂි මහත්මිය පූර්ණ ආබාධිත තත්ත්වය පත් වීමෙන් පසු මව්රටට පැමිණ සිටින්නීය.ඇයට සිය සැමියා සහ වයස අවුරුදු 15 සහ 14 යන පාසල් යන දරුවන් දෙදෙනෙකු සමග අසීරුවෙන් ජීවිතය ගත කර්නීය. ඩුබායි හි ප්‍රතිකාර ලැබූ රෝහලේ වෛද්‍ය වාර්තා වලට අනුව ඇයට ජීවිත කාලය පුරාම ආධාර සහ ඖෂධ අවශ්‍ය වන බවත් , ඇයට හැම විටම තවත් කෙනෙකුගේ ආධාරයක් නැතිව කිසිවක් කළ නොහැකි බව .ඇයගේ ඩුබායි නීතීඥවරයා ගල්ෆ් නිව්ස් වෙත පවසා ඇත.



අදහස් (5)

ඩුබායි හිදි අනතුරට පත් ලක් කතට කෝටි පහක වන්දියක්

කිරි පුතා Tuesday, 24 August 2021 01:23 AM

වාහන රක්ෂණයෙන් ගෙවනවා නම් ලැබෙයි. නැත්නම් ඔය ඉන්දියන් ජාතිකයා කොහොමද එච්චර මුදලක් ගෙවන්නෙ. නිකම් තේරුමක් නැති තීන්දුවක් වේවි.

:       4       2

nisra Tuesday, 24 August 2021 07:30 AM

හෙදියන් ලෙස කාන්තාවන්ට රට යාමට අවශ්‍ය පුහුණුව දීමට ආයතනයක් පටන් ගත යුතුය. පිරිමි අයට german tec වැනි ඉහලම මට්ටමේ පුහුනුව ලැබීය හැකි ආයතන පලාත් මට්ටමෙන් පටන් ගන්න

:       1       15

bas Tuesday, 24 August 2021 07:31 AM

හෙදියන් ලෙස කාන්තාවන්ට රට යාමට අව්ශය පුහුනුව දීමට ආයතනයක් පටන් ගත යුතුය. පිරිමි අයට german tec වැනි ඉහලම මට්ටමේ පුහුනුව ලැබීය හැකි ආයතන පලාත් මට්ටමෙන් පටන් ගන්න

:       1       3

janahitha UAE Tuesday, 24 August 2021 12:21 PM

මල්ලේ පොල්.

:       0       0

janahitha UAE Tuesday, 24 August 2021 12:23 PM

මංගල සමරවීර මහතා අභවප්‍රාත්ත වී ඇත නිවන් සුව පතමු.!

:       2       0

ඔබේ අදහස් එවන්න

 

 

දියත

දුම්රිය ගමන්වාර 28 ක් අවලංගුයි
2025 ජනවාරි මස 19 53 0

දුම්රිය රියදුරු සේවා වාරවලට වාර්ථා නොකිරීම හේතුවෙන් අද (19) දුම්රිය ගමන් වාර 28 ක් අවලංගු කර තිබේ. ඒ අනුව ප්‍රධාන මාර්ගයේ 16 ක් ද, මුහුදුබඩ මාර්ගයේ ගමන් වාර 8


යාපනයේ ලක්ෂ 30 කොල්ලයට සෙබළු දෙකක් ඇතුළු හතරක් මාට්ටු
2025 ජනවාරි මස 19 227 0

ත්‍රස්ත විමර්ශන අංශයේ නිලධාරීන් ලෙස පෙනී සිටිමින් යාපනය ප්‍රදේශයේ රන්බඩු අලෙවිි සැලක හිමිකරු බියවද්දා රුපියල් ලක්ෂ 30 ක් බලෙන් ලබාගෙන පලා ගිය යුද හමුද


බොහෝ පළාත්වලට අදත් තද වැසි
2025 ජනවාරි මස 19 186 0

උතුරු ,උතුරු - මැද,නැගෙනහිර,ඌව සහ මධ්‍යම පළාත්වල පවතින වැසි තත්වය තවදුරටත් බලාපොරොත්තුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.


භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් ජනවාරි 22 දා
2025 ජනවාරි මස 19 150 0

රුපියල් මිලියන එක්ලක්ෂ පනස් පන් දහසක් වටිනා භාණ්ඩාගාර බිල්පත් නිකුතු වෙන්දේසියක් මෙම ජනවාරි 22 දා පවත්වන බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරයි.


ඔට්ටු මධ්‍යස්ථානවලින් රුපියල් කෝටි 262 ක බදු පොල්ලක්
2025 ජනවාරි මස 19 265 0

සජීවි විකාශන පහසුකම් සහිත ඔට්ටු මධ්‍යස්ථානවලින් බදු හා දඩ මුදල් වශයෙන් ගෙවිය යුතු රුපියල් 2,621,108,150 ක මුදලක් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට මෙතෙක් ගෙවා නො


රත්කිද ජලාශයේ පිටවානේ ගේට්ටු සියල්ල විවෘත කරයි
2025 ජනවාරි මස 18 344 0

වර්ෂා පතනයේ වැඩිවීමත් සමඟ උල්හිටිය රත්කිද ජලාශයේ ජල මට්ටම ඉහළ යාම නිසාවෙන් එහි පිටවානේ ගේට්ටු සියල්ල අද (18) පස්වරුවේ විවෘත කල බව උල්හිටිය රත්කිද ජලාශ


මේවාටත් කැමතිවනු ඇති

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 356 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 593 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 324 0
ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය

Our Group Site