IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


‘‘ඩාන්සින් ටැබ්ලට්‘‘ විකුණූ ජාවාරම්කරුවකු අත්අඩංගුවට

( +++ ජයන්ත සමරකෝන්)

මාතර ප්‍රදේශයේ බීච් පාටි (වෙරළ සාද) සඳහා එක්ටැසි (ECTASI) නමැති මත්පෙති ගෙන්වා අළෙවි කරන අයෙකු සමග රුපියල් ලක්ෂ 3 ක් පමණ වටිනා මත්පෙති 112 ක් අත්අඩංගුවට ගත් බව සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකය පවසයි.

බීච් පාටියක් සඳහා මත් පෙති අවශ්‍ය බවට පවසා උපාය දූතයකු යොදවා එමගින් මාතර වෙරළ උද්‍යානයේදී සැකකරු කොටුකර ගත් බවත් පසුව ඔහුගෙන් ලද තොරතුරු මත මාතර ප්‍රදේශයේ මිරිස්ස, දික්වැල්ල, පොල්හේන ප්‍රදේශවල බීච් පාටි සඳහා මත්පෙති සැපයීමේ කොන්ත්‍රාත්තුව ඔහු භාරගෙන ඇති බව හෙළිවූ බවද එම ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන සුරාබදු පරීක්ෂක පී.එන්. හේමන්ත මහතා ලංකාදීපයට ඊයේ (9) පැවැසීය.

සැකකරු මෙම මත්පෙති අළෙවි කර ඇත්තේ ඉනේ සඟවාගෙන බවද ඔහු කීය.

ඩාන්සින් ටැබ්ලට් නමින් හඳුන්වන මෙම මත්පෙති රුපියල් 1800-2500 අතර මුදලකට අළෙවි කරන අතර බීච් පාටි සඳහා මේවාට ඉහළ ඉල්ලුමක් ඇති බවද පරීක්ෂණවලදී හෙළිවී තිබේ.

අන්තර්ජාලය හරහා මෙම මත්පෙති පිළිබඳව ප්‍රචාරය කර ඇති අතර ජංගම දුරකථනය මගින් අළෙවිය සිදු කෙරෙන බවද හේමන්ත මහතා කීය.

මෙම මත්පෙති වර්ගය මෙරටදී නිපදවන බවට තහවුරු වී නොමැති​ තොරතුරු ගණනාවක්ම සැකකරුගේ ප්‍රකාශවල සඳහන් වන බවද හෙතෙම පැවැසීය.

සුරාබදු කොමසාරිස් ජනරාල් ඒ. බෝදරගම මහතාගේ උපදෙස් පරිදි, ප්‍රධාන සුරාබදු පරීක්ෂක පී.එන්. හේමන්ත මහතාගේ මෙහෙයවීමෙන් සුරාබදු පරීක්ෂක රණවීර හා නියාමකවරුන් වන සිසිල් කරුණාතිලක, හර්ෂ කුමාර, රියැදුරු චන්දන යන මහත්වරු මෙම වැටලීම සිදු කළහ.

 



අදහස් (3)

‘‘ඩාන්සින් ටැබ්ලට්‘‘ විකුණූ ජාවාරම්කරුවකු අත්අඩංගුවට

wimale Monday, 10 February 2020 05:02 AM

සුරාබදු නිලධාරී මහතුන්ට අපගේ උපහාරය. පොලිසියට මේ ඔත්තුව ලැබුණා නම් කරන්නේ මේ පෙති වෙළෙන්දාගෙන් කීයක් හරි අරගෙන නිදහස් කරන එක.

:       0       3

eresh s kumara Monday, 10 February 2020 06:59 AM

ඔය දැන් නටන පෙති තිබ්බට ඉස්සර තිබ්බේ නැටුම් තෙල් තමා ඕන් ....

:       12       0

කපුරුහාමි Monday, 10 February 2020 09:32 AM

පාර්ලිමේන්තුවේ අය නටන නෙයියාඩගම් දැක්කම උණුත් මේ පෙති ගහලද කියලත් සැකයි..

:       0       8

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 376 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 223 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1016 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site